සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙළිය ලිඛිතව බොරු කියා CIDය මගහැරිය හැටි අධිකරණයේ දී හෙළි වෙයි!

by editor
පෙබරවාරි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විදෙස් ගමන් තහනම් කිරීමෙන් අනතුරුව අද (2) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා  අබේවික්‍රම ඊයේ (01දා) නියෝග කරන්නේ කුප්‍රකට ඉමියුනොග්ලොබියුලීන් වංචාව පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඉකුත් 31 වැනිදා ඔහුව කැඳවූ පසු බොරු කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම මග හැරීම නිසා බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 31 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා කෙහෙළිය රඹුක්වැල්ලට නීතිපතිවරයා දැනුම්දී ඇති නමුත් ඒ සඳහා හැකියාව තිබියදීත් ඔහු එම ප්‍රකාශ දීම හිතාමතාම මඟහැර ඇති බැවින් ඔහුට අද (02දා) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස හා ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට  කළ දැනුම් දීම සලකා බලමින්  මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය ලෙස ඇතුළුවීමට උත්සාහ කළ හිටපු අමාත්‍යවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ලට පෙරේදා (31දා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට නීතිපතිවරයා නියෝගයක් නිකුත් කර තිබූ බවය.

අඑදින පෙරවරු 9.00ට මහාධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිටීමට සිදුව ඇති බැවින් ප්‍රකාශයක් ලබාදීම සඳහා එම වෙලාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බවද අධිකරණ කටයුතුවලින් පසුව එදිනම පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන බවට ඔහු එම දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වා ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

මහාධිකරණයේ නඩුව සඳහා පෙනී සිටීමෙන් අනතුරුව ඔහු එදින ප.ව. 01.00ට පමණ අධිකරණයෙන් පිටත්ව ගොස් ඇති බවට මාධ්‍යවේදියකු සමඟ සිදුකළ ප්‍රකාශයකින් අනාවරණය කරගත් බවද සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නාය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේ පිටත්ව ගොස් ඇති කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එදින නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යොමු කරමින් තමන්ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය වියදම් කළමනාකාර අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමට සහභාගිවීමට සිදුව ඇති බැවින් පෙබරවාරි මස 6, 8, 12 යන ඕනෑම දිනයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට ඉල්ලමින්   එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ඔහු ලිපියක් යොමු කර ඇති බවද ඇය සඳහන් කළාය.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය සත්‍යද අසත්‍යයද යන්න පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද ඒ අනුව එම රැස්වීම එදින ප.ව. 3.05ට ජනාධිපති කාර්යාලයේ පවත්වා ඇති නමුත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඒ සඳහා සහභාගි වී නොමැති බවටද ජනාධිපති ලේකම්වරයා ලිඛිතව දන්වා ඇති බව  ඇය හෙළි කළාය.

අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පෙනී නොසිට අසත්‍ය කරුණු දක්වමින් අපරාධ නඩු  විධිවිධාන සංග්‍රහයේ 109 (6) වගන්තිය යටතේ හිතාමතාම නියෝගයක් පැහැරහැර ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (2දා) පෙරවරු 9.00ට පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට ඔහුට නියෝගයක් නිකුත් කරන ලෙසද සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය. – මව්බිම

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මහ මොළකාර වෙඩික්කරු හිටපු අයි.පී. කෙනෙක්…

Next Post

හරක් හොරු එක්ක ගැබිණි ගවයින් ඇතුළු ගවයින් 20ක් හොරකම් කරන්න එක් වූ පදවියේ පශු වෛද්‍යවරයා කොටු!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.