අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මහ මොළකාර වෙඩික්කරු හිටපු අයි.පී. කෙනෙක්…

 ප්‍රධාන ඝාතකයා ඝාතනයෙන් සතියකට පසු රටින් පැන ගිහින්... ඝාතකයා වේයන්ගොඩ පදිංචි නේවි එකෙන් පැන්න එකෙක්!

by editor
පෙබරවාරි 2, 2024
in පුවත්
කුලී ඝාතකයෙකුගේ භූමිකාව කළ පොලිස් පරික්ෂක රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වා

කුලී ඝාතකයෙකුගේ භූමිකාව කළ පොලිස් පරික්ෂක රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වා

Share on FacebookShare on Twitter

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම ඝාතනයේ අනිත් වෙඩික්කරු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති අතර ඔහු නාවික හමුදාවෙන් පැනගිය වේයන්ගොඩ පුද්ගලයෙකි.   මෙසේ රටින් පලා ගොස් ඇත්තේ යැයි කියවෙන්නේ පංච පුද්ගල ඝාතනයෙන් පසු කඹුරුපිටිය නගරයෙන් ජීප් රථයෙන් බැස මාතර බලා ගමන් කරන බස් රථයකින් පලා ගිය පුද්ගලයාය.

ඔහු රටින් පලා ගොස් ඇතැයි පැවසෙන්නේ ගුවන්තොටුපල හරහා එම වෙඩි ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව යැයිද විමර්ශන තොරතුරු අනාවරණය කළේය

රටින් පැන ගිය ප්‍රධාන ඝාතකයා… ඔහුගේ මුහුණ කටුනායක මුහුණු හඳුනා ගැනීමේ මැෂිමට දුන්නලු….

දැනට මෙරට රැඳී සිටින බවට විශ්වාස කරන දෙවැනි වෙඩික්කරු වන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා කොස්ගොඩ සුජී සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයා මෙම පස් පුද්ගල ඝාතනයේ මෙරට සිටින මහ මොළකරු ලෙස විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා බව විමර්ශන නිලධාරීන්ගේ මතය වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රහාරයට ගමන් ගත් ජිප් රථයද පදවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය

Beliatta
ඝාතකයන් පැමිණි ජිප් රිය…

ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් මෙම වෙඩික්කරුව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

1983 උපත ලද මොහු නමින් රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වාය. මෙම පුද්ගලයා ඌරගස්මන්හන්දිය පුවක්ගහවත්ත, මාකන්දන, ප්‍රදේශයේ පදිංචිකරුවකු බව උසස් පොලිස් නිලධාරික් සඳහන් කළේය.

මෙම පුද්ගලයා පොලිස් සේවයට බැඳී ඇත්තේ 2007 වර්ෂයේ දීය. ඒ උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙසිණි.

කොස්ගොඩ සුජී සහ ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන ඌරගහ මයිකල් නමැත්තන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති මිනිස් ඝාතන වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසකට ආධාර හා අනුබල දුන් අයෙක් ලෙසද මෙම පුද්ගලයාව හඳුනාගෙන තිබේ. වැඩ තහනමකට ලක්ව ඇත්තේ එම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධවල නිරත වූ අයෙක් වූ බැවිනි.

කුලී ඝාතකයෙකුගේ භූමිකාව කළ පොලිස් පරික්ෂක රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වා

මෙම පුද්ගලයා මෑතකදී ඔහු සමඟ පොලිස් සේවයේ සිට සමකාලීන නිලධාරියකු මුණගැසී මානසික පීඩනයකින් සිටින බව සඳහන් කරමින් එම නිලධාරියා නවාතැන් ගෙන සිටින කොළඹ පිහිටි පොලිස් නිල නිවසකද රැඳී සිට ඇති බව අනාවරණය වී තිබේ. එම නිලධාරියා රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙකි.

මෙම සැකකරු කොළඹ එම නිලධාරියාගේ නිල නිවසේ නවාතැන් ගෙන සිට ඇති බව අනාවරණය වී ඇත්තේ දුරකථන ජාල විශ්ලේෂණයකදී එම නිලධාරියාගේ දුරකථනය හා ඔහුගේ දුරකථනය සම්බන්ධ වී ඇති බව හෙළිවීමෙන් පසු ඒ ගැන අදාළ නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

මේ අතර පොලීසිය ඊයේ මාධ්‍යට ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ආන්දෝලනාත්මක ඝාතන විමර්ශනයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බවය.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් තොරතුරු ලබාදීමට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියකුට අයත් ජංගම දුරකථන තුනක්ද ප්‍රසිද්ධ කර තිබුණි. එම දුරකථන අංක වන්නේ 0742 226 022 /0718 591 492 /0718 594 455 වේ. – ( දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීතිය අවලමේ යවා පොලිස් පොඩ්ඩෙක් විනාශ කරන්නට ගොස් නිරුවත් වුන පොලිස් ජඩයන්ගේ කතාව!

Next Post

කෙහෙළිය ලිඛිතව බොරු කියා CIDය මගහැරිය හැටි අධිකරණයේ දී හෙළි වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.