බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

නීතිය අවලමේ යවා පොලිස් පොඩ්ඩෙක් විනාශ කරන්නට ගොස් නිරුවත් වුන පොලිස් ජඩයන්ගේ කතාව!

by editor
පෙබරවාරි 1, 2024
in සමාජ
Share on FacebookShare on Twitter

බීබීසී –

මත්ද්‍රව්‍ය චෝදනා ලැබු සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන්නැයි, කරනු ලැබූ නීති විරෝධී බලපෑමකට අවනත නොවී ඒ සම්බන්ධව විමර්ශන කිරීමේ හේතුවෙන් පලිගැනීමක් ලෙස කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටියට එරෙහිව ව්‍යාජ නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර බිරිඳ ද අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවකට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජනවාරි 31 වැනිදා) තීන්දු කරනු ලැබීය.

ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයනේ එවකට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්.අමරසිරි , එවකට කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ට එක්ව සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂ 20 ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබීය.

එම වන්දි මුදල ඊයේ  (ජනවාරි 31 වැනිදා) දින සිට මාස හයක කාල සීමාවක් තුළ ගෙවා අවසන් කළ යුතු යැයි නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය රජය විසින් රුපියල් 25000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් නියම කළේය.

HIGH-Court

නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමේ පොලිසිය සතු බලය අභියෝගයට ලක්වෙලා?

“නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමේ බලය පොලිසිය වෙත පැවරී තිබේ. මහජනතාවගේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ පොලිසියයි. මෙම නඩුකරයේ මතුවූ කරුණු විශ්ලේෂණය කිරීමේදී පොලිසිය සතු එම වගකීම ප්‍රශ්න සහගත වී තිබේ” යනුවෙන් සඳහන් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය සහ ඔහුගේ බිරිඳ වූ ගයාත්‍රී හේවාවසම් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

‘මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ සැකකරුවන් නිදහස් කරන ලෙස බලපෑම් කළා’

පෙත්සම්කරු කියා සිටින්නේ කොස්ගොඩ පොලිසියේ සේවය කළ තමා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන විමර්ශන කළ බවය.

“එම සැකකරුවන් නිදහස් කරන ලෙස වග උත්තරකරුවන් මට බලපෑම් කළා. ඒත් එම නීති විරෝධී බලපෑම්වලට යටත් නොවී මා එම විමර්ශනය අඛණ්ඩව සිදුකරනු ලැබුවා. ඔවුන්ගේ නීති විරෝධී නියෝගවලට අවනත නොවීම නිසා වගඋත්තරකරුවන් මා සමඟ සතුරුකමක් ඇතිකරගත්තා. පසුව මා පොලිස් ස්ථානය තුළ මත්ද්‍රව්‍ය පානය කරන බවට ඔවුන් මට චෝදනාවක් එල්ල කළා.

‘මල්ලි උඹ මෙහේ ඇවිල්ලා දඟලනවා වැඩියි. බලපන් උඹට මොකක්ද වෙන්නේ කියලා. උබේ ජොබ් එකට කෙලිනවා.’ කියලා වග උත්තරකාර ස්ථානාධිපතිවරයා දවසක් මට තර්ජනය කළා.

දවසක් සහකාර පොලිස් අධිකාරීවරයා මාව කැඳවලා ‘ආ තෝද මිනිහා. ඉඳපං මං උඹට කෙලෝලා දාන්නම්. තොගේ ජොබ් එකට මම කෙලිනවා. තෝ හිරේ තමයි යවන්නේ’ කියලා තර්ජනය කළා.” යනුවෙන් පෙත්සම්කරු සඳහන් කර තිබුණි

බිරිඳ අත් අඩංගුවට ගෙන බලපෑම් කළා’

2021 වසරේ නොවැම්බර් මස 2 වනදා සිය නිවසට ගිය වග උත්තරකාර පොලිස් නිලධාරින් මාස නවයක් වයසැති දරුවාත් සමග තම බිරිඳ අත්අඩංගුවට ගත් බව පෙත්සම්කරු සඳහන් කළේය.

“වගඋත්තරකරුවන් මගේ නිවසට පැමිණියා. පැමිණ මාස නවයක් වයසැති තම දරුවා සමග බිරිඳ අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගියා. පසුව මා හෙරොයින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙකු වශයෙන් සඳහන් කරමින් මගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඔවුන් උත්සාහ කළා. පසුව මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළා. පසුව මාගේ බිරිඳ නිදහස් කිරීමට කටයුතු කෙරුණා.” යනුවෙන් පෙත්සම්කරු කියා සිටියේය.

ඉන් අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරින් 2021 වසරේ නොවැම්බර් මස 3 වැනිදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමා හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට කරුණු වාර්තා කළ බවත් පෙත්සන්කරු කියා සිටියේය.

“මෙසේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මා අධිකරණයට ගොස් බාර වුණා. පසුව මා ඇපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළා. කෙසේ නමුත් මා මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයෙක් දැයි සොයාගැනීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් හා රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මේ පිළිබඳව ‍විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නා. එම ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් මා  දූෂිත මෙන්ම නීතිය කඩ කරන පුද්ගලයෙකු වශයෙන් හඳුන්වා දී තිබූ තිබුණා.  ඉන් මගේ  ජීවිතයට දැඩි අවමානයක් සිදුවූණා.

පසුව අධිකරණය වෙත රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව සහ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව එවා තිබුණා. එම වාර්තාවලට අනුව මා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකු නොවන බව අධිකරණයට කරුණු තහවුරු වුණා. ඉන් පසුව අධිකරණය විසින් මාව නිදහස් කළා.” යනුවෙන් පෙත්සන්කරු සඳහන් කළේය.

වග උත්තරකරුවන්ගේ විරෝධතා

වගඋත්තරකරුවන් සිය විරෝධතා වලින් සඳහන් කර තිබුණේ තමන් පෙත්සම්කරු අත්අඩංගුවට නොගත් බවයි.

ඔහු ස්වේච්ඡාවෙන් අධිකරණයට ඉදිරිපත් වූ පුද්ගලයකු බවත් ඔවුන් සඳහන් කර තිබුණි.

මෙම පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයෙකු බවට තහවුරු කළ හැකි සාක්‍ෂි හමුවු බවත් ඒ අනුව ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවත් වග උත්තරකරුවෝ සිය විරෝධතාවල සඳහන් කර තිබූහ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවත් ඔහු සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග නීතියට අනුකූලව සිදු කර ඇති බවත් වගඋත්තරකරුවෝ අධිකරණය හමුවේ සඳහන් කළහ.

‘බලය අත්තනෝමතිකව හා ද්වේශ සහගත ලෙස පරිහරණය කරලා’

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම්කරුගේ බිරිඳ සහ ඔහුගේ මාස නවයක් වයස ඇති දරුවා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන පැය පහක කාලයක් පොලිස් ස්ථානයේ රඳවා ගැනීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළේය.

“මෙම අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම යුක්ති සහගත නැහැ. අත්අඩංගුවට ගැනීමට හේතු කිසිවක් වගඋත්තර කරුවන් ඉදිරිපත් කර නැහැ. ඒ අනුව පෙත්සම්කරුගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත බව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අධිකරණය හමුවේ අසමත් වී තිබෙනවා” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරු මෙහි පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් වග උත්තරකරුවන් කටයුතු කර ඇති ආකාරය ද දැඩි ලෙස දෝශ දර්ශනයට ලක්කර සිටියේය.

“මෙම නඩුවේ පෙත්සම්කරු තමන් විසින් අත්අඩංගුවට නොගත් බව වගඋත්තරකරුවන් ප්‍රකාශ කර තිබෙනවා. පෙත්සම්කරු අධිකරණයට බාර වුණේ අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔහු විසින් ස්වේච්ඡාවෙන්ම බවත් වග උත්තරකරුවන් පෙන්වාදී තිබෙනවා. ඒ නිසා තමන් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය නොකළ බවත් ඔවුන් පවසනවා.

වග උත්තරකරුවන් ඉදිරිපත් කරන එම ස්ථාවරය කිසිසේත්ම පිළිගන්න බැහැ. පෙත්සම්කරුට අධිකරණයට භාර වීමට සිදුවුණේ වග උත්තර කරුවන් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ නිසයි. පෙත්සම්කරු මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකු බව වගඋත්තරකරුවන් ප්‍රකාශ කළත් අධිකරණ වෛද්‍ය වාර්තා වලින් එය අසත්‍යයක් බව ඔප්පු වී තිබෙනවා.

ඒ අනුව ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් සහ ඔහුගේ රාජකාරිය තහනම් කිරීම තුළින් වග උත්තරකරුවන් තමන්ට නීතියෙන් පැවරී තිබෙන බලසීමාව අභිබවා ගොස් අත්තනෝමතික හා ද්වේශ සහගත ආකාරයෙන් කටයුතු කර තිබෙනවා.” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරු ඒ අනුව වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1), 13(1) සහ 14(1)උ යන වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දු කළහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති විදෙස් සංචාරවල යෙදෙන්නෙ රට හුදකලා වීම වළක්වන්න… ජනපති රට යන හේතුව විදේශ කටයුතු රාජ්‍ය ඇමති  රටට තේරුම් කර දෙයි !

Next Post

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මහ මොළකාර වෙඩික්කරු හිටපු අයි.පී. කෙනෙක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.