කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ දී ඊට පක්ෂව ඔහුව ආරක්ෂා කිරීමට යෑමෙන් ආණ්ඩුවට එරෙහිව බරපතල විරෝධයක් ඇතිවනු ඇතැයි යන මතය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පිරිසක් විසින් මතුකර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කර ආණ්ඩුවට කැළලක් නොවන ලෙස මෙම ප්රශ්නය විසඳා ගන්නා ආකාරය ගැන සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුව තුළ බහුතරයක් මේ අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල බේරා ගැනීම සිදුකළ යුතුව ඇතැයි යන ස්ථාවරයක සිටිය දී සමගි ජන බලවේගය සමග සන්ධානගතව සිටින මන්ත්‍රීවරු 06ක් අමාත්‍යවරයා බේරා ගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන බව දන්වා ඇතැයි ද ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
.