හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ මහනුවර බහිරවකන්ද පටු මගේ පිහිටි නිවස ගිනි තැබුවේ යැයි සැක පිට තරුණයින් හය දෙනෙක් මහනුවර පොලිසිය මගින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිවසේ තිබී සොරාගෙන ගොස් විකුණුවේ යැයි අනුමාන කළ පිත්තල සෙම්බුවක් ද සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් මෙම පිරිස පේරාදෙණිය පාර, සුදුහුම්පල, මහනුවර රෝහල් පටුමග, යන පෙදෙස්වල පදිංචිකරුවන් බව ද එම පිරිස වයස අවුරුදු 20ත් 30ත් අරත තරුණයින්බව ද මහනුවර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චමිල් රත්නායක පවසයි.
මෙම පිරිස අද අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය
මේ ලිපියත් කියවන්න….