ශ්‍රියානි විජේසිංහ
මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින්හට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර ඇත..
දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරින් අමාත්‍යවරයාට කල යෝජනාවකට අනුව ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇත.
විශේෂයෙන් කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නොමැති බවත් නිලධාරීන් ඇමතිවරටාට පෙන්වා දී තිබේ..
කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දීර්ඝකාලයකට විදේශගත වුවහොත් අප රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් තිබෙන බව ඇමතිවරයා පැවසුවේය
.මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාල නිලධාරින් දීර්ඝකාලීන විදේශ ගතවීම් සදහා සිදු කරන ඉල්ලිම් තමන්ට යොමු නොකරන ලෙසත් අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරින්ට දැනුම් දී තිබේ. .







