අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුස්සියට ගිනි තැබූ කට්ටිය නිරුවත් කළ විද්වත් කට්ටුව!

by editor
දෙසැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

  • නොවැම්බර් මාසෙන් පස්සේ ගෑස් ගිනි ගත්තේ සංයුතියෙ වෙනස නිසා තමයි. එය හංගන්න දෙයක් නෑ

  • රටේ පරිභෝජනය කරන ගෑස්වලින් වැඩිම ප්‍රතිශතය නිකුත් කරන රජයේ ලිට්රෝ සමාගමට ගෑස් කාන්දු හඳුනාගන්න අවම උපකරණවත් නෑ!

  • රසායනාගාර වාර්තා අරගෙන තිබෙන්නෙ වංගු දාලා. විද්වත් කමිටුවට ඉදිරිපිට ඇත්ත හෙළි වෙලා…

  • හේතුව තහවුරුයි… මරණ 07යි. තුවාල ලැබූ 16යි. පෙරේදා වනවිට පිපිරීම් 847යි… සභාපති වන්දි දීම ප්‍රතික්ෂේප කරයි…  

“අපි ප්‍රතීතන මණ්ඩල සාමාජිකයන්ගෙ ප්‍රමිති ආයතනයේ සහ කාර්මික තාක්ෂණ ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අපට විශ්වාස තැබිය හැකි  රජයේ රසායනාගාරයකවන සපුගස්කන්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා රසායනාගාරයෙන්  මෙම ගෑස් පරීක්ෂා කළා. එහිදී දුටු දෙයක් තමයි මේ ගෑස්වල සංයුතිය වෙනස් බව. විශේෂයෙන් ප්‍රොපේන් සංයුතිය සියයට 42ත් 46ත් අතර ප්‍රමාණයකින් පවතින බව අපට තහවුරු වුණා. එය සමාගම අපට කියන ප්‍රමාණයට වඩා වැඩියි. මෙපමණ ප්‍රොපේන්  ප්‍රතිශතයත් සිලින්ඩරයට ගියාම එහි පීඩනය වැඩියි. මෙම පීඩනය නිසා රෙගියුලේටරය හරහා ගෑස් පිටතට එනවා. විශේෂයෙන් දුර්වල රෙගියුලේටරය, ලිප් ආදියෙන් මෙය පිපිරීමක් දක්වා ගියා. ඒ නිසා මේ අනතුරු  මේ නොවැම්බර් මාසයේ ඉඳන් වැඩි වුණේ ගෑස් සංයුතියේ වැඩි වීමක් නිසා බවට කිසිම තර්කයක් නෑ “

මේ කතාව ඊයේ කීවේ ජනාධිපතිවරයා විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත අර්බුදය සෙවීම පිළිබඳව පත් කළ විශේෂඥ කමිටු සාමාජික ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලකය. ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳව විමර්ශනයට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව ඊයේ (20) මාධ්‍ය ඇමතූහ. ඒ  ඔවුන් ජනාධිපතිවරයා වෙත ලබා දෙන ලද වාර්තාව සම්බන්ධයෙන් රටට කියන්නටය.  එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල ඇතුළු විද්වතුන් මාධ්‍ය හමුවට පැමිණ ඔවුන් විසින් සිදු කරන ලද නිර්දේශ පිළිබඳව මාධ්‍යයට කීවේය.

ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලකය

එහිදී ඔවුන්  කරන ලද නිර්දේශ අතර පුම්‍රඛතම එකක් වූයේ ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 30කට වඩා අඩු විය යුතු  බවය. ඊට අමතරව ගෑස් සම්බන්ධ සෙසු උපකරණ නියාමනයට පත් කිරීම, ගෑස් නිෂ්පාදන කර්මාන්තශාලාවල තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලිය යම් ප්‍රමිතියකට යටත් කිරීම ආදියද  වූ බව  මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

  • යටපත් කරන්න හදපු ඇත්ත

කෙසේ වුවද ඊයේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ සියල්ල සැහැල්ලු කිරීමේ උත්සාහයක නියැලුණු   තාක්ෂණ අමාත්‍යංශ ලේකම්වරයා, ලිට්රෝ සභාපතිවරයා සහ බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටපත් කරන්නට තැනූ කරුණු මේ මාධ්‍ය හමුවේදි එළියට ආවේය. එහිදී වඩාත් විවාදිත කරුණ වූ ගෑස් සංයුතිය වෙනස් කිරීමට අදාළ කරුණු තර්කානුකූලව මතු වුනේය. ඉහත ප්‍රකාශය කළේ මහාචාර්ය ජයතිලකය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“අපිට පේන දෙයක් තමයි මේ ක්‍රියාවලියේ ගෑස් වල ප්‍රශ්නයක් තිබෙන බව. ඇත්තටම සිලින්ඩරවල ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තිබෙන්නේ ඇතුළේ තිබෙන ගෑස්. මේ පද්ධතියට සම්බන්ධ සෙසු උපකරණත් අපි සැලකිල්ලට ගත්තා. ඒ කියන්නේ ගෑස් බට රෙගියුලේටර් ලිප් ආදිය. නමුත්  ගිය අවුරුද්දේ අනතුරු 51යි. මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකල් සිදුවුණේ 50යි.

නමුත්  නොවැම්බර්වලින් පසුව වෙනස් වුණු  එකම දේ ගෑස් සංයුතිය විතරයි. ඒක ඕන කුඩා දරුවකුට වුණත් තේරෙනවා.  මේ පිළිබඳව තහවුරු කර ගන්න අපට ගෑස් විශ්ලේෂණ වාර්තා බලන්න ඕන.  ලාෆ් ආයතනය ඉන්ටර්ටෙක් කියන සමාගමෙන් විශ්ලේෂණ වාර්තා අරගෙන තිබුණා. ලිට්රෝ සමාගම ජියෝකෙම් නම් සමාගමෙන් විශ්ලේෂණ වාර්තා අරන්.

  • ගෑස් සමාගම් රාසායනාගාර වාර්තාවලට වංගු දාලා  

එම රසායනාගාර  ප්‍රතීතන සහතික ලබා ගත්ත ඒවා නෙවෙයි.  ඇත්තටම ගෑස් එකක් විශ්ලේෂණය කිරිමේදී සම්මුති තිබෙනවා.  සියලු දෙනා ඉදිරියේ ගෑස් විශ්ලේෂණය සඳහා ඉදිරිපත් කර ඇති සාම්පල අපි බැලුවා.  අපට දීල තියෙන්නේ  සාම්පල තිබෙනවා, අප ඉදිරියේ ඔවන්ට පිළිගන්න වුණා ලිට්රෝ ලබා දීපු ගෑස් සාම්පලය දින පැනපු, කල් නිකුත් වූ සාම්පලයක් පාවිච්චි කරල තමයි ඒක කරල තිබෙන්නේ කියල.

ප්‍රොපේන් ප්‍රතිශතය වැඩි වුණාම සිලින්ඩරය තුළ  මෙම වාෂ්පශීලී සංයෝගය නිසා පීඩනය වැඩි වෙනවා.  මේකට බලපෑ මූලික කාරණය ගෑස් එකේ ප්‍රොපේන් වෙනස් වීම නිසා ඇතිවු පීඩනය. එය භාවිත වන උපකරණවල ශකතිමත් සහ දුර්වලබව මත ක්‍රියා කිරීම බලපානවා.

හරියට කොරෝනා වගේ. හැම දෙනාම මිය යන්නේ නෑ. මොකක්දු සිදුවුණේ?  වායු පීඩනයට රෙගියුලේටරය හරහා එළියට එන පීඩනය දරාගත නොහැකි දේවල් පිපිරුවා.“

මහාචාර්යවරයා පැහැදිළිවම පවසන කරුණ එයයි.

මහාචාර්යවරයා විසින් කරන ලද මේ ප්‍රකාශය තුළ තවත් බරපතල කරුණක් සැඟවී ඇත. ඒ ලිට්රෝ සමාගම සංයුති පරීක්ෂාව සඳහා ලබා  තිබූ ගෑස් සාම්පල කල් ඉකුත්   ඒවා වීමය.  එහිදී ද ඔවුන් පෙර සංයුතියට අදාල පැරණි ගෑස් සාම්පලයක් ලබා දන්නේද යන්න ගැටලු සහගත කරුණකි.

වංචනික ආකාරයට ලීටර 18ක ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම නිසා මේ වනවිට පාරිභෝගික අධිකාරියෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටින වංචනික වැඩක් කළ  බවට වෙළෙඳ ඇමතිවරයා විසින් පාර්ලිමේනතුව තුළදී ද නම් නරන ලද ලිට්රෝ සමාගම එවැනි වංචනික පියවරකට නොගියා යයි අපට විශවාස කළ නොහැකිය. එවැන්නක් සිදුවී නම් මේ පිලබඳව ද පරීක්ෂණ කළ යුතුය.

  • එකින් එක හෙළිවුණ ලිට්‍රෝ නිරුවත

මේ මාධ්‍ය හමුවේදී ලිට්රෝ ගැන තවත් භයානක කරුණක් එළියට ආවේය. ඒ මෙම සමාගම සියයට 80කට අධික වෙළෙඳපොල කොටසක් වත්වාගෙන ගියද එහි තත්ත්ව පරීක්ෂාව සඳහා අවශ්‍ය අවම උපකරණ පහසුකම්වත් සමාගම සතුව නොමැති බවය. මේ නිසා ගෑස් සිලින්ඩරයක් නිසි ලෙස ආරක්ෂිතද එහි කාන්දුවක් පවතිනවාද යන්න වගකීමකින් යුතුව පාරිභෝගිකයාට සහතික කිරීමට ලිට්රෝ අසමත්ව ඇත.

ලාෆ් ගෑස් සමාගම මේ තත්ත්ව පරීක්ෂාවන් අයි.එස්.ඕ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළද ඔවුන්ට ද වගකීම් සහගත පොදු ව්‍යාපාරයක් ලෙස කටයුතු කළේ නැත. අතිශය ධෛර්යසම්පන්ත ව්‍යවසායකයකු විසින් ගොඩ නැගු ව්‍යාපාරයක් ලෙස සමස්ත ජාතියම ලාෆ් පිළිබඳව සාඩම්බරයක සිටියද ඔවුන් මේ ගැටලුව හමුවේ කළේ තම පාරිභෝගිකයන්ට අධෝ මුඛයෙන් හිනාවීමය.

තිරසාර සංවර්ධනය විශිෂ්ඨ ව්‍යාපාරික පුරුදු පිළිබඳව ලෝකයේ ව්‍යාපාර  කතා කරන පසුබිමක මේ රටේ රජය සතු මෙන්ම පොදු සමාගමකට අයත් ව්‍යාපාර දෙකක් මේ අයුරින් කටයුතු කිරීම රටේ ව්‍යාපාරික අනාගතය පිළිබඳව ද පෙන්වන්නේ කණගාටුදායක චිත්‍රයකි.

කවුරු මොන කතා කීවද මේ ගෑස් පිපිරීම් පසුපස ඇති විශ්වාස කළ හැකි විද්‍යාත්මක යතාර්ථය ඊයේ එම විද්වත් මඩුල්ල සමාජයට මුදා හළහ. එය අස්වැසිල්ලකි. .

මෙම අවදානම සමාජගත කිරීමට ලංකාසර උත්සාහ කළේ මීට මාස කිහිපයක  පටන්ය. ඒ අන් කිසිවක් නිසා නොව මේ කරුණ බලධාරීන්ගේ අවධානයට යොමු කොට ඊට අවශ්‍ය පියවර ගැනීමටය. එහෙත් ගෑස් සමාගම් විසින් සිදු කරන ලද මේ නිර්ලජ්ජී පියවර කවුරුන් හෝ ආවරණය කිරීමට තැත් කළ බවට සැකයක් නැත.

එයට හේතු ගණනාවක් ඇත. අවසානයේ මේ සියල්ල අහිසංක ජනතාව මතින් පුපුරා යද්දී ඔවුන්ට හැංගෙන්නට තැනක් නැති තත්ත්වයට පත්විය. මේ අපරාධයේ ශේෂ පත්‍රය කියැවුනේ මරණ 07කිනි. තුවාල සිදුවීම් 16කි. අනතුරු 847කි. ගෙවුණු සතියේ ඇතැම් දිනවල  පැයකට වරක් රටේ ගෑස් ලිපක් පුපුරා ගියේය.

දැන් මේ හෙළිදරව් වෙමින් ඇති කරුණු අනුව මෙම අර්බුදවලට අදාල සමාගම් සෘජුවම වගකිව යුතුය. හේතුව ජනාධිපති විද්වත් කමිටුව විසින් රටට කියා ඇත. එහෙත් ලිට්රෝ සභාපති දැනටමත් කියන්නේ තමන්ට මේ සිදුවීම්වලට හේතුව නිසි ලෙස පහදා නැති නිසා වන්දි ගෙවීම කළ නොහැකි බවය.

මේ තක්කඩිකම්වලට නීතිය ක්‍රියාත්මක කරන්නැයි  ඒ නිර්දේශය දෙන්නට විද්‍යාත්මක කමිටුවකට අපොහොසත් විය හැකිය. දේශපාලන අධිකාරියෙන් පත් කරන වෙනත් කමිටුවත් වේ නම් එයටද කොන්දක් නොතිබෙන්නට ඇති ඉඩ වැඩිය.

රටට සිදුවී ඇත්තේ සොබාදහමේ නීතිය මේ අශිෂ්ට මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වනතුරු උපේක්ෂාසහගත වන්නටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැඩවර්ජනය නැවැත්වීමේ තීරණය ඇමති අතේ! GMOA අද කොළඹ දී කියයි….

Next Post

බස් ගාස්තු වැඩිවීම ලබන බදාදා සිට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.