වැඩවර්ජනය නැවැත්වීම සම්බන්ධව තීරණය ඇත්තේ ඇමතිවරයා අතේ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
වැඩවර්ජනයේ පූර්ණ වගකීම සෞඛ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවත් වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථානමාරු සම්බන්ධයෙන් දේශපාලන අතපෙවීම් සම්පූර්ණයෙන් නතර කරන බවට සෞඛ්‍ය අමාත්‍යාවරයාගෙන් සහතිකයක් ලැබෙන්නේ නම් වැඩ වර්ජනය අත්හැරීමට සූදානම් බවත් එම සංගමය පවසයි.
අද කොළඹ දී පැවති පුවත්පත් සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධාය සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ වෛද්‍යවරුන් විසින් ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත සෞඛ්‍ය ලේකම්වරයා සමග ඊයේ (21) සාකච්ඡාවක් පැවැත්වූ බවය.
එහිදී පවතින ප්‍රශ්නකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලේකම්වරයා තේරුම් ගත් බවත්, ඇතැම් තීරණ ගැනීමේ දී ඔහුගේ සීමාවෙන් එපිටට ගොස් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය නිසා අමාත්‍යවරයා සමග සාකච්ඡාකර දැනුම් දෙන බවට ඔහු එම සාකච්ඡාවේ දී පැවසූ බවත් වෛද්‍ය කොළඹගේ කීවේය.
ඒ අනුව දැන් ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගනු ලබන තීන්දුවේ ප්‍රමාදයක් බවත් මීට පෙර අමාත්‍යවරයා තීන්දුවක් ගත්තේ නම් වැඩවර්ජනය මෙතරම් දීර්ඝ නොවීමට ඉඩ තිබුණු බවත් වර්ජනයක් සිදුවීමේ වගකීම අමාත්‍යවරයා භාරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.