වසර දහයකට පසුව ශ්‍රි ලංකාවේ උද්ධමන අනුපාතය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් බවට එනම් සියයට 11.1 දක්වා නොවැම්බර් මාසය තුළ ඉහළ ගොස් ඇත.
නොවැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය ඔක්තෝබර් මාසයේ 8.3% ක් වූ අතර එය සියයට 11.1% දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම පවතින ඉහළ මිල මට්ටම් හේතු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) පවසයි.
එම දෙපාර්තමෙන්තුවට අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ 11.7% සිට නොවැම්බර් මාසයේදී 16.9% දක්වා පසුගිය බසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩය 5.4% සිට 6.2% කින් ඉහළ ගියේය.
පසුගිය වසර 13 තුළ විවිධ ආන්ඩු විසින් තනි ඉලක්කමක උද්ධමනයක් පවත්වාගෙන යාමට හැකි වූ අතර එම ආකර්ෂණීය වාර්තාව මේ වනවිට අවසන්ව වැඩිම උද්ධමනයකට නොවැම්බර් මාසය තුල ළඟා වී ඇත. නොවැම්බර් මාසයේ ඉහළ යාම ඊයේ ඉහළ යන ඉන්ධන මිල සංශෝධනයට පෙර සිදු වූ අතර, එහි බලපෑම ඉදිරි සති සහ මාසවලදී බලපානු ඇතිබව ආර්ථික විශෙෂ්‍යන්ගේ මතය වී තිබේ.
කෙසේ වෙතත් ආහාර දුව්‍ය , බහාලුම් ප්‍රවාහනය කරන්නන් ඇතුළු අංශ කිහිපයක් දැනටමත් මිල සංශෝධන ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් සමහරු එය ආසන්න බව පැවසූහ. එමෙනම් ත්‍රිරෝද රථ රියදුරන් ප්‍රකාශ කර ඇත්තේ පළමු කිලෝමීටරයේ පිරිවැය රු. 80 සිට රු. 50 දක්වා ඉහළ නංවන බවයි. කෙසේ වුවද ඔක්තෝම්බර් මාසයේදී මහ බැංකු අධිපති අජිත නිවාඩ් කබ්රාල්විසින් එලිදක්වන ලද එළිදක්වන ලද කෙටි කාලීන මාර්ග සිතියම හරහා, 4-6% ක ඉලක්කගත කලාපය තුළ උද්ධමනය පවත්වා ගැනීම ප්‍රමුඛතාවයක් වනු ඇතැයි පැවසීය.