කුලී පදනමට ලබා ගත් මෝටර් රථයක් වංචා කිරීම සම්බන්ධයෙන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බ්‍රිතාන්‍ය ජාතික සමාගම් අධ්‍යක්ෂවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
කුළි පදනම මත මෝටර් රථය ලබාගෙන එම ගිවිසුමේ කොන්දේසි කඩකරමින් වාහනය නැවත හිමිකරුට භාරනොදී තමන් සන්තකයේ තබාගෙන විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් මෙම චෝදනාව ගොනු වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ තාවකාලිවක පදිංචිව සිටින Haddon Lynne Elizabeth නැමැති 58 හැවිරිදි සාමාගම් අධ්‍යක්ෂවරිකි.
ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (02) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිය බව පොලිසිය පවසයි.
මීගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.







