ශ්‍රියානි විජේසිංහ –
“දැනුවත්වෙමු – ස්ථූලතාවයෙන් මිදෙමු- නිරෝගිවෙමු ” යන්න තේමා කර ගනිමින් ගෝලීය ස්ථූලතාවය වැලැක්වීමේ දිනය (4) අද ට යෙදී ඇත.
ලොව පුරා බිලියන 2ට වඩා වැඩි සංඛ්‍යාවක් බර වැඩි තත්ත්වයෙන් පෙලෙන අතර ඉන් මිලියන 650 ක් දෙනා තරබාරු බවින් පීඩා විඳින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව තුළ වසර 2015දී කරන ලද සමීක්ෂණයේදී සියයට 22.5ක් පැවති පිරිමින්ගේ තරබාරු බව වසර 2021 වන විට එය සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් එම අගයන් කාන්තාවන්ගේ සියයට 34 සිට සියයට 48 දක්වා වර්ධනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණර්ධන සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් සියයට 10ක් බර වැඩි සහ තරබාරු තත්වයේ පසුවෙති.
ශ්‍රී ලංකාවේ ගැබිණි මව්වරුන්ගෙන් සියයට 10ක් දියවැඩියාවෙන් පෙලෙන බවත් තරබාරුකම හේතුවෙන් ප්‍රජනන පද්ධතියේ හටගන්නා යම් යම් ගැටලුකාරී තත්වයන් හේතුවෙන් තරුණ ගැහැණු දරුවන්ට විවාහයෙන් පසු දරුවන් නොමැති වී ඇති බවත් ඇය පැවසුවාය.