අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුඳුමලේ ගත් නීර්භිත තීරණය ආදි ලිංගේස්වර කෝවිලටත් (වඩ්ඪමාන පබ්බත විහාරය) ගන්න… උතුරේ උද්ඝෝෂකයින් පිරිසක් ජනපතිගෙන් ඉල්ලති

by editor
ජූනි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් කුරුදුමලේ විහාරයට අයත් බව සැලකෙන ඉඩම් ප්‍රමාණය මායිම් ගල් යොදා වෙන් කොට දීමට ජනාධිපතිවරයා ගත් තීරණය මෙන්ම වවුනියාවේ නෙඩුන්කේණී  වෙඩුක්කුනාරී ආදී  ලිංගේස්වර හින්දු කෝවිල  සඳහා අයත් ඉඩම් ප්‍රමාණයද වෙන් කොට දෙන ලෙස ඉල්ලා   පිරිසක් නෙඩුන්කේණී නගරයේදී 25 දා උද්ඝෝෂණයක්  පවත්වනු ලැබීය.

වර්ෂ 2014න් පසුව නෙඩුන්කේණී  වෙඩුක්කුනාරී ආදී  ලිංගේස්වර හින්දු කෝවිල ලෙස මෙම පිරිස හඳුන්වන්නේ පෞරාණික වඩ්ඪමාන පබ්බත විහාරය ය. 

ජනාධිපතිවරයා කුරුදුමලේ  විහාරය සම්බන්ධයෙන් ගත් තීරණය ඇගයීමට ලක් කරමින් සටන් පාඨ කියූ මෙම උද්ඝෝෂණකරුවෝ වඩ්ඪාමන පබ්බත විහාරය ලෙස සාධක සහිතව හඳුනාගෙන තිබෙන පුරාවිද්‍යා භූමිය වෙඩුක්කුනාරී ආදී  ලිංගේස්වර හින්දු   කෝවිල ලෙස සිය අයිතිය තහහවුරු කොට දීමට  ජනාධිපතිවරයා මැදිහත් විය යුතු  බව   කියා සිටියහ.

උතුරේ  හින්දු කෝවිල් ආශ්‍රිතව බුදු පිළිම තැබීම හා  බෞද්ධ ස්තූප ඉදිකිරීම නිසා හින්දු ජනතාවට සිය ආගමික කටයුතු සිදු කරගෙන යාමට විශාල බාධාවක් එල්ල වී තිබෙන බවත් උතුරේ    වැසියන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත් උද්ඝෝෂණකරුවෝ  කියා සිටියහ.

වඩ්ඪමාන පබ්බත විහාරය

Vaddhamana-Pabbatha-Vihara
වඩ්ඪමාන පබ්බත විහාරය…

වෙඩුක්කුනාරී ආදී  ලිංගේස්වර හින්දු   කෝවිල ලෙස හඳුන්වන පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරය ක්‍රිස්තුපූර්ව දෙවැනි සියවස තෙක් දිවෙන බෞද්ධ ඉතිහාසයක් ඇති පුදබිමකි. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ බව සාධනය කරන්නේ කටාම් කෙටූ ගල් ලෙන්වල ලියැවී ඇති   ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත්  බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපි මාලාවය.   එම ලිපිවල සදහන් පාඨයන් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින්  ”නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” නැමති ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙසේය.

  • මහ ශමුද පුත ගුතශ ලෙණෙ ශගශ පරුමක
    මහා සමුද්‍ර ගේ පුත්‍ර ගුතගේ ලෙණ සංඝයාටය
  • බමදත පුත මහ ගුතහ ලෙණේ
    ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුනගේ ලෙණයි.
  • බත  වුඩ තිශහ ලෙණේ
    ස්වාමි වූ චූලතිශගේ ලෙණයි.
  • පරුමක පුශමිත පුතශ මහ ලෙණේ අගත අනගත චතුදිශ සගශ
    ප්‍රමුඛ පුෂමිතගේ පුත්‍රයාගේ  මහලෙණ පැමිණි නොපැමිණි සිවිදිග සංඝයාටය.

 කෙසේ වෙත්ත මේ වනවිට මේ භූමිය පිළිබඳ අයිතිය කියන හින්දු ජාතිවාදී පිරිස් කුරුඳුමලේට දුන් විසඳුම ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු කුරුඳුමලේ ඉඩම් ප්‍රශ්නයය විසඳූ නිර්භීත ආකාරය ගැන ප්‍රසංශා කරමිනි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිවසේ විදුලි සෝපානයක් කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති පී .එන්. බී .සිරිල් මිය යයි!

Next Post

ස්වීඩනයේ යුවළක් යාපනයේ වෙරළක් පිරිසිදු කරයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.