විදුලි සෝපානයක් කඩා කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් හිටපු සෞඛ්‍ය ඇමති වරයකුවන පි.එන්.බී සිරිල් මිය ගොස් තිබේ.
89 හැවිරිදි හිටපු අමාත්‍යවරයා පදිංචිව සිටියේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේය.
හම්බන්තොට පොලීසිය පවසන්නේ සිරිබෝපුර ඔහුගේ නිවසේ තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු සඳහා පිටතින් ඉදිකර තිබූ විදුලි සෝපානය ආධාරයෙන් සිය රියදුරු සමගින් ගමන් කරමින් සිටියදී සෝපානය කඩා වැටී ඇති බවය.
බිමට වැටීමෙන් තුවාල ලැබූ රියදුරු සහ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණි.ප්‍ර
තිකාර ලබමින් සිටියදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මියගොස් තබේ.







