බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු සළිඳු මුල්ම අවස්ථාවේම ඇප කොන්දේසි කඩයි… දුටු තැන අත් අඩංගුවට ගන්න වරෙන්තුවක්!

by editor
දෙසැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

ඇප ලබා නිදහස් වූ සෙල්ලපෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (23)  වරෙන්තු නිකුත් කළේය. එම වරෙන්තුව නිකුත් කළේ පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා විසිනි.

ඇප මත නිදහස් වූ කුප්‍රකට අපරාධකරුවෙක් මෙන්ම පාතාල මැර නායකයෙක් වූ  “කුඩු සළිඳු” ඇප මත නිදහස් වූ මුල්ම අවස්ථාවේම අධිකරණ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් දුටු තැන අත් අඩංගුවට ගැනීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) වරෙන්තු නිකුත් කළේය.

ඔහුට අධිකරණය විසින් පැනවූ   ප්‍රධානම ඇප කොන්දේසිය වූයේ සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමය.  එහෙත්  ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23)  කරුණු වාර්තා කළ පසු  “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.  කෙසේ වෙතත් සළිඳුගේ නීතිඥයින් අධිකරණයට කීවේ  සිය සේවා දායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එදින නොපැමිණි බවත් ඉදිරි නඩු වාරයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්ය. සිය සේවාදායකයා ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනීසිටින බව  සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මනෝරිකා විජේතුංග    අධිකරණය හමුවේ කියා සිටියේය.

එමෙන්ම සැකකරු හට මරණ තර්ජන පවතින බැවින් නිතර නිතර අධිකරණ සහ පොලිස් ස්ථාන වෙත ගමන් කිරීම සැකකරු ගේ ජීවිතයට තර්ජනයක් බවටද නීතිඥවරිය කීවාය. නඩුව 2025 පෙබරවාරි 10 දින යලි කැදවීමට නියමිතව ඇත.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

එහෙත්  වාර්තාවන තොරතුරු අනුව දැනගන්නට ඇත්තේ    කුඩු සළිඳු ගැන හෝ මින් පෙර ඇප මත නිදහස් වූ පොඩි ලැසී සම්බන්ධව  තොරතුරු මේ වනවිට බුද්ධි අංශවලට අපහැදිලි බවය.

මේ ලිපියත් කියවන්න….

ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රට පුරා දුම්වැටි තොර කලාප 200ක් ක්‍රියාත්මකයි… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති!

Next Post

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමටත් ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීමටත් අලුත් පියවරකට රජය සැරසෙයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.