ශ්‍රියානි විජේසිංහ –
දුම්වැටිවලින් තොර කලාප 200ක් මේ වන විට රටපුරා නිර්මාණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරති.
මෙම කලාප තුළ දුම්වැටි අලෙවි කිරිම, දුම්පානය සපුරා තහනම් කර ඇති බවත් ජනතාව දැනුවත් කිරීමේ දැන්විම් පුවරු කලාපයන් තුළ ස්ථාපිත කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂක සඳුන් රත්නායක පවසයි.
මේ සත්කාර්යය සඳහා ප්‍රදේශයේ ආගමික නායකයින්, ස්වේඡ්ඡා සංවිධානවල නායකයින්, රාජ්‍ය නොවන ආයතනවල සාමාජිකයින්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සම්බන්ධ කරගෙන ඇතැයිද පැවසේ.
රටපුරාම මෙවැනි කලාප පිහිටුවීමට මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ ඉලක්කය වී ඇති බැවින් අනාගතයේදි දුම්පානයෙන් තොර රටක් නිර්මාණය කිරිම අපේක්ෂාව බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙන්වා දෙති.
දුම්පානය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20000කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.







