ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප ලබා පිටවුන කුප්‍රකට අපරාධකරුවන් දෙදෙනා – පොඩි ලැසී සහ කුඩු සළිඳු ගැන තොරතුරක් නෑ!

by editor
දෙසැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

රට විකල් කළ බිහිසුණු පාතාල අපරාධකරුවන් දෙදෙනෙක්වන අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී” සහ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට ඔවුන් සම්බන්ධ කිසිම තොරතුරක් වාර්තා නොවීම නිසා බුද්ධි අංශ වික්ෂිප්ත වී ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

අධිකරණ තොරතුරු වාර්තා කරන්නේ අරුමාහන්දිගේ ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී දීර්ඝ කාලයක් තිස්සේ ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරයේ රැඳී සිටි අපරාධකරුවෙකි. එක්වරම ඔහු ඇප කොන්දේසි සපුරා නිදහස් වන්නේ පසුගිය 09 වැනිදා සඳුදාය. ඔහු මේ ආකාරයෙන් ඇප සපුරන්නේ ඔහුගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් හෝ නිශ්ඡිත සැලසුමක් මත බව විශ්වාස කෙරිනි. එහෙත් ඇප මත නිදහස් වූ දින සිට ඔහු සම්බන්ධව කිසිදු ආරංචියක් නොමැති වීම සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් මතුවී ඇතැයි වාර්තා වේ.

පානදුරේ කුඩු සළිඳු හෙවත් තරිඳු මල්ෂිත ගුණරත්න ඇප ලබන්නේ පෙරේදා (20) ය. ඔහු සිය නීතිඥවරුන් සහ ගෝලයින් පිරිසක් සමග වීදුරු අඳුරු කළ වෑන් රථයකින් අධිකරණ භූමියෙන් පිටවී මීගමුව ප්‍රදේශයට ගොස් ඇති බවත් මේ වනතුරුත් ඔහු පිළිබඳව ද විශ්වාස කටයුතු ආරංචියක් නොමැති බවත් දැනගන්නට ඇත. මේ තත්ත්වය ද බුද්ධි අංශ වික්ෂිප්ත කර තිබේ.

කුඩු සළිඳු ලංකාවට ගෙනා හැටි

මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්ව පසුගිය වසරේ මාර්තු 15 දින කුඩු සළිඳු සහ හරක් කටා මෙරටට ගෙන එන්නේ දැවැන්ත පරිශ්‍රමයකින් අනතුරුවය. මැඩගස්කරයේ ආරක්ෂක අත් අඩංගුවට පත්වී මෙරටට පැමිණිම මගහැරීම සදහා දැඩි කලහකාරී හැසිරීමක් ප්‍රකට කළ මෙම අපරාධකරුවන් දෙදෙනා මෙල්ල කර ගැනීම පහසු නොවීය.

කෙසේ වුවද ඔවුන් රැගෙන ඒම සඳහා  ශ්‍රි ලංකාවෙන් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ඇතුළු නිලධාරීන් සිව් දෙනා ඉතා අසීරුවෙන් ඔවුන් දෙදෙනා මෙල්ල කරගැනීමට සමත් වූයේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයේ ගුවන්තොටුපොළ වෙත ගෙන ආ අවස්ථාවේ ඔවුන් ගුවන්යානයට නැඟීමත් ප්‍රතික්ෂේප කළේය. ඔවුන් මෙල්ල කරගන්නේ දැඩි පරිශ්‍රමයකිනි.

මැඩගස්කරයේ සිට කෙන්යාව බලා පැමිණ කෙන්යාවේ ගුවන් තොටුපලේ ඊළඟ ගුවන් යානයක් පැමිණෙන තෙක් පැය 18කට අධික කාලයක් මුම්බායි බලා එන ගුවන් යානය එනතුරු රැඳී සිට  මුම්බායි හරහා කොළඹට පැමිණි ගමන වෙනම ලිවිය යුතු කතාවකි. අපරාධකරුවන් දෙදෙනෙක් රටවල් දෙකක් හරහා රැගෙන ඒම ඔළුවෙන්ම කළ යුතු මෙහෙයුමක් විය.

මෙලෙස කොළඹට ගෙන්වූ සැකකරුවන් දෙදෙනා සාමන්‍ය මඟින් බසින දොරටුව මඟ හැර ධාවන පථයට යොමු කළ පිවිසුමකින් පිටතට ගෙන ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් කළේය. එතැන් සිට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග සහිතව තබාගෙන විමර්ශනය කළේය.

විමර්ශන සළිඳු ගැන හෙළි කළ කතාව

විමර්ශන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම ප්‍රකාශ කළේ හරක්කටා සහ කුඩු සලිඳු හෙවත් පානදුරේ සලිඳු විදේශගතව සිටියදී මත්කුඩු කිලෝ 5,000කට (ටොන් 5) වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි අපරාධ විමර්ශනයේදී අනාවරණය කරගත් බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන් දෙදෙනාට අයත් ජංගම දුරකතන 10ක් පිළිබඳ කළ තාක්ෂණ විශ්ලේෂණයේදී රහස් පොලිස් නිලධාරීන් ඒ බව හෙළි කර ගෙන ඇති බව විමර්ශන ආරංචි මාර්ග කීවේය.

කුඩු සලිඳු විසින් මෙහෙයවන ලද මිනිස් ඝාතන සම්බන්ධ විමර්ශන අවසන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් විටෙක වාර්තා විය. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගෙන ඔහු විසින් කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශනයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දියත් කර ඇතැයි ඒ දවස්වල වාර්තා විය.

තවත් කතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ආරංචි මාර්ග පැවසුවේය. ඒ කුඩු සළිඳුගේ අපරාධ ජාලය සමග සමීපව කටයුතු කළ දූෂිත පොලිස් නිලධාරීන් කිිහිපදෙනෙකු පිළිබඳ අනාවරණය වී ඇති බවය. කුඩු සළිඳු සමග ගනුදෙනු කළ ඉහළම පොලිස් නිලධාරීන් ගැන ඒ වකවානුවේ දී කියැවිනි. පොලිසියේ බලපෑම මත ඔහුගේ මෙහෙයවීමෙන් සිදුවූ මිනී මැරුම්වල සාක්ෂි වෙනස් කළ අවස්ථා ගැන ද වාර්තා විය.

කුඩු සළිඳු සම්බන්ධ වූ පානදුරේ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු සලිඳුට සහ ඔහුගේ ගෝලයින්ට රටන් පිටවීමට අවස්ථාව සලසා දී මිලියන ගණනින් මුදල් ලබාගත් ඉහළ පොලිස් නිලධාරියෙක් පිළිබඳව  ද විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි දරව් වෙමින් ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය. මේ සියල්ල අපි වාර්තා කළෙමු.

එහෙත් කුඩු සළිඳු ඇප ලබන විට අධිකරණය වාර්තා කළේ අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාළව ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට බවය. එම නඩු සම්බන්ධව පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සළිඳු ඇප මත නිදහස් කර කර ඇති බවය. මීට පෙර ඔහුට තිබූ නඩු වලට ද ඔහු මේ ආකාරයෙන්ම ඇප ලබාගෙන සිට ඇති බවය.

එසේ නිදහස් වූ කුඩු සළිඳු ඉන්නේ කොතැනක ද යන්න සම්බන්ධව නිසි තොරතුරක් නැතැයි ආරක්ෂක අංශ පවසන්නේය. අප ඊට එහා ඒ ගැන කියන්නට දන්නේ නැත. එහෙත් අප සතුව අතීත අත්දැකීම් ඇත්තේය.

අතීත අත්දැකීම

මොහොමඩ් සිද්දීක් යනු මේ රටේ හිටිය අංක එකේ කුඩු ජාවාරම්කරුය. ඒ වකවානුවේ යන්ත්‍ර සූත්‍රවල සඟවා කිලෝ 80, 90 කුඩු පකිස්ථානයේ සිට ලංකාවට ගෙනාවේ සිද්දීක්ය. ඔහුට මරණීය දණ්ඩනයත් නියම වී තිබුණේය. විශ්වාස කළ නොහැකි ලෙස සිද්දීක් මරණීය දණ්ඩනය වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය මත නිදොස් වී නිදහස් විය. සෙසු නඩුවලින් ඇප ලැබී සිද්දීක් අවසන් නඩුවෙන් ඇප ලැබූ දිනයේම රටින් පිටව අතුරුදහන් වූයේය. ඔහුට ගුවන් ගමන් තහනමක් නොවුන නිසා සිද්දීක් රටින් පිටවන්නේ කටුනායකයිනි.

අනෙක් අත්දැකීම මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ය. ඔහුවත් ලංකාවට රැගෙන එන්නේ අන්තර්ජාතික මෙහෙයුමකින් පසුව මාකඳුරේ මධුෂ් සමගය. ඒ ඩුබායි සිටය. අනතුරුව විශේෂ විමර්ශන කරමින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබූ කංජිපානි ඉම්රාන් 2022 දෙසැම්බර් මස 20 දින ඇප මත නිදහස් වී පැය 24 ක් ගතවීමටත් මත්තෙන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් තිබිණි. ඔහු උසාවියෙන් පිටවන්නේ මුුහුණත් ආවරණයවන පරිදි ඇඳගත් කාන්තා ඇඳුමකට මාරු වීය. එතැන් සිට වාහන කීපයකට මාරු වෙමින් කෙළින්ම මන්නාරම ප්‍රදේශයට ගොස් සැලසුම් කර තිබූ පරිදි ධීවර යාත්‍රාවකින් ඉන්දියාවටත් එතැනින් ඩුබායිවලටත් ඩුබායි සිට යුරෝපීය රටකටත් පලා ගියේය. එතැන් සිට ඔහු ගැන කිසිම ආරංචියක් නොතිබිණි.

යළිත් ඔහු ගැන කතා බහ ඇති වන්නේ මිනිස් ඝාතනත් සමගිනි. ක්ලබ් වසන්ත ඝාතනය කරන්නට ඔහු යොදා ගත්තේ ඔහුගේ නමේ මුල් අකුරු ලියැවුන උණ්ඩය.

දැන් ඉතිරිව ඉන්නේ තවත් ප්‍රධාන අපරාධකරුවන් දෙදෙනෙකි. ඔවුන් ලංකාවට අරන් ආවේත් විශාල ගේමක් ගසාය. එකෙක් හරක් කටාය. අනෙක් ගණේමුල්ලේ සංජීවය. ඔවුන්ටත් ලැසී සහ සළිඳුට ඇදුන ලොතරැයිය නොඇදෙනු ඇතැයි විශ්වාස නොකර ඉන්නට හේතුවක් නැත.

දැන් අපට මේ රජයට කියන්නට යමක් ඇත. ඔබ පත් වී මාසයක් බව සැබෑය. නමුත් ශ්‍රී ලංකා පොලිසිය පත් වන්නේ මීට අවුරුදු 158කුත් මාසයකට පෙරය. මේ වනවිට මේ රජය යටතේ පොලිසියේ හැසිරීම ද අපේ බලාපොරොත්තු සුන් කර ඇති බව කණගාටුවෙන් කිව යුතුව ඇත.

පසුගිය සති දෙක තුළ පාතාලයේ වෙඩි තැබීම් සහ වෙනත් ඝාතනවලින් මිය ගිය ගණන 10කට ආසන්නය. අපට ඇති අවුල මේ භීෂණයෙන් සමාජය තැතිගෙන ඇති ආකාරය සම්බන්ධ සංවේදන ආණ්ඩුවෙන් ප්‍රකට නොවීමය. පාතාලයට ණයත් නැති බයත් නැති ලෙස හඳුන්වා දුන් කණ්ඩායමකට ආණ්ඩුවක් ලබා දෙන්නේ වෙන දේ බලා ඉන්නට නොවේ. පොලිසිය දේශපාලන බලපෑමෙන් මුදා හැරියේ මේ තරම් නපුංසක වෘතයක් පුරනු දකින්නට නොවේ. අප ගත්තේ වැරදි තීන්දුවක් බවට අංශු මාත්‍ර හැඟීමක් ඇති කිරීමට මේ රජයට අයිතියක් නැත. මල්වතු නායක හාමුදුරුවෝ පෙරේදා ඒ ගැන ජනාධිපති තුමාටත් කීවේය.

” ඔබතුමාලා නිවැරදි තීරණ ගන්න… රටත් ජනතාවත් ඔබතුමා ගැනත් මේ රජය ගැනත් බොහොම අවදියෙන් ඉන්නේ…”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුවනින් කොළඹ පුද්ගලික රෝහලකට ගෙනා කතාව බොරුවක්… ජනාධිපතිවරයාගේ මෑණියන් අනුරාධපුර රෝහලේ තවමත් ප්‍රතිකාර ගන්නවා…

Next Post

දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ගන්න ගිය තරුණියක් සහ කාන්තාවක් දුම්රියේ ගැටී එතැනම මිය යති!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.