ආරියරත්න රණබාහු –
මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බව පැවසේ.
මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට අපේක්ෂා කරන බව එම සංගමය පවසයි.
අඩු එන්ජින් ධාරිතාවක් ඇති වාහන පමණක් ගෙන්වන්නේ විදේශ සංවිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමේ අරමුණෙන් බවද සංගමය පවසයි – ලංකාදීප