ලලිත් චාමින්ද –
මත්කුඩු කිලෝ 200ක තොගයක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය තහවුරු කළේය.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 සමග යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
එම මත්ද්‍රව්‍ය තොගය අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 150 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 50 ක් ( පැකට් 48ක අසුරා තිබී ඇත) ප්‍රවාහනය කරමින් තිබී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි ධීවරයින් බව කපිතාන් වික්‍රමසූරිය අනාවරණය කළේය. ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබිණේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් ප්‍රකාරවය.
ඊයේ රාත්‍රියේ අත් අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව අද අලුයම එය ගාල්ල වරාය වෙත රැගෙන විත් තිබිණි.
නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.