දිනසේන රතුගමගේ
යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව දකුණු ඉන්දීය රූපවාහිනී වැඩ සටහනකදී ගීත කෝකිලාව ලෙස කිරුළු පැළඳි යාපනයේ කිල්මිසා උදයශීලන් දැරිය ඇතුළු ඇගේ පවුලේ උදවිය හමු වී යළිත් ඇයට සුබ පැතුවේය.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව විසින් සංවිධානය කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත්තී කිල්මීෂා උදයශීලන් දියණිය ය.
යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති උත්සවයකදී මෙම හමුව සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව කිල්මිසා එහිදී ගීත කීපයක්ද ගායනා කරනු ලැබීය.
ඇය ඉන්දියාවේදී මෙම ජයග්‍රහණය ලැබූ අවස්ථාවේදීම ජනාධිපතිවරයා ඇයට දුරකතනය ඔස්සේ මුලින්ම සුබපතා තිබුණි.