මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මාදුරුඔය කුඩාඔය අමුණ පිටාර ගැළිම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සිට පූනානි දක්වා ස්ථාන කිහිපයක් ප්‍රධාන මාර්ගය ගංවතුරෙන් යටවීම හේතුවෙන් අද (11) සිට සැහැල්ලු වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති තිබේ.
මේ වනවිට වැලිකන්ද නාමල්ගම, පුල්ලියාරඅඩ්, ජයන්තියාය, පූනානි යන ප්‍රදේශවල ස්ථාන තුනකින් පමණ අඩි දෙකහමාරක් පමණ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව පවතින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර සඳහන් කළේය.
මෙම තත්ත්වය නිසා මේ වනවිට, ත්‍රීරෝද රථ, යතුරු පැදි මෙන්ම සැහැල්ලු වාහනවලට බාධා එල්ල වී ඇති අතර මගී ජනතාව ට්‍රැක්ටර් රථ උපයෝගී කරගනිමින් තමන්ගේ ගමන් පහසුකම සලසා ගන්නා බවද උපුල් කුමාර කීවේය.
මාදුරුඔය කුඩාඔය අමුණ පිටාර ගැලීම හේතුවෙන් වැලිකන්ද, නාමල්ගම, අසේලපුර, රුවන්පිටිය, ඇතුළු පහත් බිම්වල කුඹුරු අක්කර ගණනාවක් ජලයෙන් යටව පවතින බවද දිස්ත්‍රික් ආපදා සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.