එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය අද (11) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තාය.
හෙලිකොප්ටර් යානයකින් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය වෙත පැමිණි ඈන් කුමරිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා විසින් පිළිගනු ලැබීය.
පසුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඇයව වැඩබලන දියවඩන නිළමේ නිලංග දෑල විසින් පිච්ච මල් වට්ටියක් දී පිළිගෙන දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කැඳවාගෙන යනු ලැබුවේය.
දළදා මාලිගාවට පැමිණි ඈන් කුමරිය දැක බලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇතුළු විදේශිකයින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් ද විශාල පිරිසක් පැමිණ සිටියහ.