ශ්‍රියානි විජේසිංහ –
දිවයිනපුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 10කගේ සහභාගිත්වයෙන් අද (11) උදෑසන 6.00ට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතු මුළුමනින්ම බිඳ වැටී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වැඩ වර්ජනයට රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වීම හේතුවෙන් රෝහල්වල ශල්‍යගාර, විශේෂීත පරික්ෂණ කාමර , රසායනාගාර පිරිසිදු කිරිම මුළුමනින්ම නතර වීමට හේතුවෙන් සැත්කම් , රසායනාගාර සහ විකිරණ පරික්ෂණයන් නතර වනු ඇති බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
රෝහල් තුළ ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර පරික්ෂණ, විකිරණ පරික්ෂණයන් සාමාන්‍ය පරිදි සිදු කළ හැකි වුවද එම ස්ථානයන් නිසිපරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් ලබාදීමට නොහැකි වනු ඇති බව සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිය කණ්ඩායම් එක් එක් දිනයන් තෝරාගෙන වැඩ වර්ජනයන්ගේ නිරත වුවද ඉදිරියේදී සියලුම වෘත්තීය සමිති එකරාශී වී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සන්ධානය රජයට අනතුරු අගවා සිටියි.
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000ක දීමනාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තීන්ට ලබා දෙන මෙන් ඉල්ලා කරනු ලබන මෙම වෘත්තීය සටන ජයග්‍රහණය කර මිස නතර නොකරන බවද සමස්ත වෘත්තීය සමිති නියෝජිතයෝ පවසා සිටිති.
.