දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එන ලද කුකුල් පොර සදහා යොදා ගන්නා පොර කුකුළන් 50 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ ( 9 ) අත් අඩංගුවට ගෙන තිබේ.
බෝට්ටුවක ආධාරයෙන් රැගෙන එන ලද කුකුළන් 50 දෙනා එකට බැද මන්නාරම නගරය දෙසට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබියදී නාවික හමුදා නිලධාරීන් පිරිසක් එහි ගොස් කුකුළන් අත් අඩංගුවට ගෙන ඇතත් කුකුළන්ගේ අයිතිකරුවන් නිලධාරීන් පැමිණෙනු දැක පලාගොස් තිබේ.
පොර කුකුළන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී කුකුළන් 7 දෙනෙකු අධික තෙරපීම නිසා මරුමුවට පත් වී තිබේ.
කුකුළන් රැගෙන එන ලද පිරිස අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇති අතර එම කුකුළන් නීතිමය කටයුතු සදහා මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.
නාවික හමුදාව විසින් මීට දින තුනකට ඉහතදී ඉන්දියාවෙන් රැගෙන එන ලද පොර ක්‍රීඩා වලට යොදා ගන්නා එළුවන් පස් දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබුණි.