දිනසේන රතුගමගේ –
පසුගිය වසර තුනක කාලය ඇතුළත ( 2020- 2022 ) කිළිනොච්චිය දිස්ත්‍රික්කය තුළ දැරියන් 106 ක් දූෂණය කිරීමට සම්බන්ධ සිද්ධීන්වල වාර්තා අදාල රෝහල්වලින් පොලීසිය වෙත හා අධිකරණය වෙත නොලැබීම නිසා වැරදිකරූවන්ට එරෙහිව චෝදනා ගොණු කිරීමට නොහැකි වී ඇතැයි වාර්තාවේ.
පසුගියදා පැවති කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වූ අතර මේ අන්දමට චූදිතයින් සම්බන්ධයෙන් හා දූෂණයට ලක් වූ දැරියන් පිළිබදව පොලීසිය හා අධිකරණය ඉල්ලා ඇති වාර්තා නොලැබීම විශාල ගැටළු සහගත තත්ත්වයක් බවද ප්‍රශ්නය මතු කළ පිරිස පෙන්වා දුන්හ.
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් හා අනෙකුත් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් මේ ප්‍රශ්නයට බෙහෙවින් බලපා ඇති බවද කිළිනොච්චියේ ප්‍රාදේශීය රෝහල්වල කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමද මෙම වෛද්‍ය වාර්තා ප්‍රමාදයට හේතුව බව මෙහිදී අදහස් දක්වමින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති කියා සිටියේය.
නමුත් තමන් මේ පිළිබදව පෞද්ගලිකවම සොයා බලා අගෝස්තු මස 31 වෙනිදාට පෙර එම වාර්තා අධිකරණවලට හා අදාල පොලීසි වලට ලැබෙන්නට සලස්වන බවටද ඔහු මෙහිදී පොරොන්දු විය.







