බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිම සැකයක් ඇති කරගන්න එපා… අසීමිත බලයක් ලැබුණත් අපේ සීමාව අපි දන්නවා… ජනපති කියයි!

තවදුරටත් දේශපාලන සටන් පාඨ වලංගු නෑ... අද සිට ජනතාව අපව මනින්නේ අපේ ආණ්ඩු කරණයෙන්... ජනපති නව කැබිනට් මණ්ඩලයට පවසයි!

by editor
නොවැම්බර් 18, 2024
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන කිසිවෙක් ඇතිනම් ඒ සැකය දුරුකරගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිරවිය හැකි කොටුවේ ප්‍රමාණය රජයක් ලෙස තමන් ඉතාම හොඳින් දන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පැවසුවේය.

ලැබී ඇති ජයග්‍රහණයේ ප්‍රමාණයට සමාන එහි ඇති බර සම්බන්ධව අවබෝධයක් ඇති බව කී ජනාධිපතිවරයා වියුක්තව අසීමිත බලය කිසිවෙකුට භාවිතා කළ නොහැකි බවත් එක් අංශයකින් ජනතාවට සහ අනෙක් අංශයෙන් දේශපාලන ව්‍යාපාරයට බලය හොබවන සෑම පුද්ගලයෙක්ම දෙයාකාරයකින් වගකීමකින් සහ වගවීමකින් බැඳී ඇති ආකාරය ඔහු පැහැදිලි කළේය.

අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ බලයේ සීමාව දැනගෙන ජනතාව විසින් ලබා දුන් විශාල දේශපාලන ජයග්‍රහණයේ අර්ථය යථාර්වත් කිරීමේ විශාලම වගකීම කැබිනට් මණඩලය වෙත පැවරී ඇති බවය. බලය අත් පත් කරගැනීම සඳහා සටන් වැදුන දේශපාලන ව්‍යාපාරයක් ලෙස කී සටන් පාඨ හෝ ආමන්ත්‍රණ තවදුරටත් ජනතා විශ්වාසය ඇති නොකර බව කී ජනාධිපතිවරයා අද සිට ජනතාව තමන් මනිනු ලබන්නේ ඒ දේශපාලන සටන්පාඨ හරහා ගොඩනැගෙන ආණ්ඩුකරණයේ ඵලදායීතාව මත බව පැහැදිලි කළේය.

මේ ගමන ජයග්‍රාහී අවසනායක් දක්වා කැඳවාගෙන යන්නට සියලුම කැබිනට් මණඩල සාමාජිකයින්ට එක්ව රොද බැඳගන්නා ලෙස ආරාධනා කරමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ නිසා සමහර අය හිතන්න පුලුවන් අසීමිත බලයක් ලැබිලා තියනවා. මේ අසීමිත බලය අප කොතැනකට තල්ලු කරයි ද කියන සැකයක් සමාජයේ නිර්මාණය වෙන්න පුලුවන්. කුඩා හෝ සැකයක් තියන හැම දෙනාටම කියන්නෙ. අපට බලය තියන එක ඇත්ත. හැබැයි අපි මේ බලයේ සීමා මායිම් සහ මේ බලය විසින් අපට සෙල්ලම් කරන්න හසුරුවන්න ලබා දී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා.

සෑම පුරවැසියෙක් තුළම යහපත් දේ ගැබ්වී තියනවා. අපට ඡන්දය නුදුන් ජනතාවගේත් උසස් අරමුණු තිබුණු බව අප දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා තව දුරටත් මම හිතන්නෙ නෑ මේ මැතිවරණයෙන් සතුටට පත්වන කණඩායමක් සහ මේ මැතිවරණයෙන් කණගාටුවට පත් වන කණ්ඩායමක් ඉන්නවා කියලා.

මේ රටේ ජාතික ජන බලවේගය විසින් අපේක්ෂා කරන ලද අරමුණු ඉටු කරගැනීමේ දී මේ සියලු ජනාතවගේ සහාය විශ්වාසය අපට අවශ්‍යයයි. ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසුවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාමකාමීත්වය ස්ථාපිත කරන්නේ කොහොමද අනෙකාගේ දේශපාලන අයිතියට ගරු කරන්නේ කොහොමද කියන එක අපි ජනාධිපතිරවණ ප්‍රතිඵලයට පස්සේ පෙන්නුවා.

අප තේරුම්ගත යුතු දෙයක් තියනවා. මේ දැවැන්න නැගිටීමේ රහස කුමක් ද?. දීර්ඝ කාලයක් අපේ රටේ පුරවැසියන් විවිධාකාරයේ ගැහැට වින්දා. සාමාන්‍ය පුරවැසියන් නීතිය ඉදිරියේ අසරණ වුනා. ආර්ථිකයේ දි ආර්ථිකයේ නොසලකා හළ මිනිස් දූවිලි බවට පත් වුන කණ්ඩායමක් හිටිය. තවම ඉන්නවා. ආරථිකය පීඩාව නිසා පීඩාවට පත්වුන අය ඉන්නවා. වෘත්තීය වේදින් ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. භාෂාව අනුව ආගම අනුව සංස්කෘතීන් අනුව කොන් වුන ජන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් කප්පාදු වූ අයිතීන් සහිත කණ්ඩායම් වුනා. මේ මැතිවරණයේ ප්‍රතිඵල යනු පීඩාවට පත් වු ජනතාවගේ නිදහස් ආමන්ත්‍රණයයි. ඔවුන්ට අවශ්‍යව තිබුණා මේ නිදහස. ඔවුන්ට අවශ්‍යව තිබුණා විවිධාකාරයෙන් පැටවුන මේ පීඩාවෙන් මිදෙන්න.

“ඒ නිදහස් අවශ්‍යතාවයේ ආමන්ත්‍රණය තමයි මේ ඡන්ද ප්‍රතිඵලය. අපට කිසිදු අයිතියක් නෑ ඒ පුරවැසියන්ට අඩ නිදහසක් දෙන්න. කප්පාදුකළ නිදහසක් දෙන්න. ඒ නිසා සෑම ක්ෂේත්‍රයකම පූර්ණ නිදහස අපේ පුරවැසියන්ට තහවුරු කළ යුතුයි. වෘත්තීය වේදීන් හැටියට තමන්ගේ නිදහස තමන්ගේ කාර්යභාර්ය ඉටු කිරීම සඳහා නිදහස, නීතිය සහ සාමය ඉටු කරන නිලධාරීන්ට තමන්ගේ කාර්ය භාර්ය ඉටු කිරීම සඳ හා නිදහස, ආර්ථිකයේ සාධාරණ පංගුවකට උරුමකම් කියන නිදහස තමන්ගේ ආගම තමන්ගේ භාෂාව තමන්ගේ සංස්කෘතීන් අනුව පුරවැසියන්ට ජීවත්වීම සදහාවන අයිතිය… මේ ආකාරයේ සියල්ල අප යළි තහවුරු කළ යුතුයි. ”

“ඒක තමයි අපි කියන්නේ පුනරුද යුගයක් කරා රට ගෙන යා යුතුයි. මේ රටේ ජනතාවට මීට වඩා නිදහසක් සහිත ජීවිතයක් අප නිර්මාණය කළ යුතුයි.”

“මේ ජයග්‍රහණය ලබා ගැනිමේදි පොදු ජනයාගේ විශාල මැදිහත්වීමක් තිබුණු බව අපි දන්නවා. අපේ දේශපාලන යාන්ත්‍රණයත් එක්ක විශාල සම්බන්ධකමක් නොතිබුණු, අප මුණ නොගැසුන, අපත් සමග කතා බහ නොකළ විශාල පිරිසක් නම් ගම් තැන් නොදන්නා… අප වෙනුවෙන් වැඩ කළා. මතක තබා ගන්න.

ඒ වගේම අප මතක තබා ගන්න ඕන මේ ජයග්‍රහණය සඳහා අප දීර්ඝ කාලයක් පොරබැදුවා. දශක ගණනාවක් පොරබැදුවා. මා දන්නවා මෙතන ඉන්න බොහෝ අයත් තමන්ගේ ළමා කාලයේ සිට, තමන්ගේ තරුණ කාලයේ සිට මේ සිහිනය සඳහා පොරබැදුවා. මේ පොර බැදීමේදි තමන්ගේ කාලය, ගමන්ගේ ශ්‍රමය, තමන්ගේ ජීවිතය පවා අත් හැර මේ ජයග්‍රහණය අත්පත් කරගැනීම සඳහා පොරබැදීමක් තිබුණා.

ඒ විතරක් නෙමෙයි… ආරම්භයේ දී අප ඉතාම දුෂ්කර අවස්ථාවලදී මේ ව්‍යාපාරය ආරක්ෂා කරන්න අපේ අරමුණු ජයග්‍රහණය කරගන්න මැදිහත් වුන අය හිටියා. සමහර විට ඔවුන් අතර මැදදි දාලා ගියා. හැබැයි ඔවුන් අතරමැද දි දාලා ගියත් අපට මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ආරම්භයේ දි අතරමැද දී එහෙම නැතිනම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීලා තියනවා. එයත් මේ ජයග්‍රහණයට විශාල පිටුබලයක් වෙලා තියනවා.

ඒ නිසා මම හිතනවා අපට ආකාර දෙකක වගකීමක් තියනවා. එකක් පොදු ජනයාගේ අරමුණු සහ අපේක්ෂාවන් සඳහා තියන වගකීම. දෙක ව්‍යාපාරයක් ලෙස තියන වගකීම.

අප විශ්වාස කරනවා මේ බලය කියන්නේ හරි විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා. බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් යළි යළි බලය පිම්මක් ඇතිව වර්ධනය කරනවා. හැබැයි අපි ඉතිහාසයේ දැක තිබෙනවා… මම දැක්කා සමහර තැන්වල කියලා තියනවා මෑතකදි මාධ්‍ය සාකච්ඡාවලදිත් කියලා තිබුණා… බලය දූෂිතයි… අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි…

ඇත්ත.. බලය දූෂිතයි.. අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි. ඔප්පු කරලා තියනවා… අපේ රටෙත් අවස්ථා කීපයක මේ වගේ බලයන් නිර්මාණය වෙලා තියනවා. හැබැයි ඒ බලයන්ගේ අවසන් ප්‍රතිඵළය ගතතොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ බලයන් හැම විටම රටට ජනතාවට අහිතකර ලෙස ක්‍රියාත්මක වුනා.

ඒ නිසා සමහර අය හිතන්න පුලුවන් අසීමිත බලයක් ලැබිලා තියනවා. මේ අසීමිත බලය අප කොතැනකට තල්ලු කරයි ද කියන සැකයක් සමාජයේ නිර්මාණය වෙන්න පුලුවන්. කුඩා හෝ සැකයක් තියන හැම දෙනාටම කියන්නෙ. අපට බලය තියන එක ඇත්ත. හැබැයි අපි මේ බලයේ සීමා මායිම් සහ මේ බලය විසින් අපට සෙල්ලම් කරන්න හසුරුවන්න ලබා දී තිබෙන කොටුවේ ප්‍රමාණය අපි දන්නවා.

අපි හැම දෙනාම තේරුම් ගත යුතුයි. බලය තිබෙනවා. හැබැයි බලයේ සීමා මායිම් අපට තියනවා. ඒ වගේම බලයේ අරමුණක් තියනවා. දීර්ඝ කාලයක් අප ජනතාවට දෙන ලද යහපත් අරමුණුවල අපේක්ෂාව ඉටු කිරීම ඒ බලයට පැවරි තිබෙනවා. ප්‍රධාන දේ මේ බලය වගකීම් සහිතයි. කාටද?. එක පැත්තකින් පුරවැසියන්ට වගකීම් සහිතයි මේ බලය. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට වගකීම් සහිතයි මේ බලය.

ඒ නිසා මම හිතනවා අණ පනත් වලින්, ව්‍යවස්ථාවෙන්, භාවිතාවෙන් කුමණ ආකාරයේ බලයක් අපට නිර්මාණය කරලා දුන්නත් ඒ බලය අපි හැසිරවීමේදී අප වගවීමකට ලක් විය යුතුයි, එක පැත්තකින් පුරවැසියන්ට. අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.

අන්න එතැනින් තමයි අප කිසිවෙකුට සියල්ලම ගලවා වියුක්තව බලය හොබවන්න බැරි වෙන්නේ. අපට වගවීමක් තියනවා. අපට බැඳීමක් තියනවා.

සාමාන්‍ය පුරවැසියෙකුට වඩා මන්ත්‍රීවරයෙකුට ඊට වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් එනවා. හැබැයි ඔබ හැම දෙනාම තේරුම් ගන්න… මම අලුතින් කියන්න ඕන නෑ. ඔබට සීමා මායිම් තියනවා. ඔබට වගවීමක් තියනවා සහ බලයේ බැඳීමක් තියනවා. ඒ ආරක්ෂා කරයි කියලා මා විශ්වාස කරනවා.

ඒ වගේම අනික් පැත්තෙන් ගත්තොත් තව සාකච්ඡාවක් ගොඩනැගිලා තියනවා. මෙතන කැබිනට් මණ්ඩලයට විතරක් නොවෙයි, බොහෝ දෙනා පාර්ලිමේන්තුවටත් අලුත්. හැබැයි අපි දීර්ඝ කාලයක් එකම අරමුණු වෙනුවෙන් විවිධ තලවල වැඩ කරලා තියනවා. ඔබ වෘත්තීය වේදීන් ලෙස වැඩ කරලා තියනවා. ඔබ දේශපාලකන ක්‍රියාධරයින් ලෙස වැඩි කරලා තියනවා. ඔබ හැම දෙනාම පාර්ලිමේන්තුවට අලුත්. කැබිනට් එකට අලුත්. හැබැයි දේශපාලනයට අලුත් නෑ. වැඩ කරන්න අලුත් නෑ.

ඒ නිසා අපි හිතනවා ජනතාවට අලුත් පන්නයේ ආදර්ශයන් ගණනාවක් මේ කැබිනට් මණ්ඩලයට අරන් දෙන්න පුලුවන් වේවි කියලා. ඒ වගේම රට අපේක්ෂා කරන ජයග්‍රහණයන්ගේ නියමු කාර්යය ඔබට තියන බව මා විශ්වාස කරනවා. අපි ඉතා හොඳන් මෙහෙයවලා වැඩ කටයුතු කළොත්… ඒ හැකියාව ඔබට තියනවා. ඒ උවමනාව ඔබට තියනවා. අප පෞද්ගලිකව දන්නවා ඔබ අදූෂිතයි. ඔබ අවංකයි. ඔබට මේ කාර්ය භාර්යය ඉටු කරගැනීම සඳහා අප්‍රතිහත ධෛර්යයක් තියනවා. ඒ නිසා ඔබ මේ කාර්යය නියම ආකාරයෙන් ඉටු කරයි කියලා අපට දැඩි විශ්වාසයක් තියනවා. ඒ විශ්වාසය මතයි අප කටයුතු කරන්නේ.

ඒ වගේම දේශපාලනයෙදි ගත්තොත් අපට එක වෙලාවකදි තිබුණෙ අපේ දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාපාරය ගොඩ නගන්න. ජනතාව ආමන්ත්‍රණය කරන්න. අපට යහපත් අරමුණු සමුදායක් තිබුණා. මේ යහපත් අරමුණු සමුදාය සාර්ථක කරගැනීම සඳහා බලය අත්පත් කරගැනීම සඳහා අප වැඩ කළා. එතකොට අපේ වැඩ රටාව, අපේ සටන් පාඨ, අපේ ක්‍රියාකාරකම්, අපේ උපක්‍රම … ඒ ඔක්කාම තියෙන්නෙ බලය අත් පත් කරගැනීම සඳහා පොරබදන තලයේ.

අපි පොරබදලා පොර බදලා පොර බදලා ජනතාවට මේ අවශ්‍යතාවය ඒත්තු ගැන්නුවා. ඒක තමයි ප්‍රතිඵලය. අවශ්‍යතාවය ඒත්තු ගන්වලා තියනවා. දේශපාලනය ජයග්‍රහණය කරලා තියනවා. හැබැයි ජනතාව තවදුරටත් අප මනින්නේ දේශපාලන සටන්පාඨවල නිවැරදි තාවයෙන් පමණක් නොවෙයි.

සැප්තැම්බර් 21ට පෙර , නොවැම්බර් 14 ට පෙර අප මනිනු ලැබුවේ අපේ සටහන් පාඨ අපේ මතවාදවල තියන නිරවුල් භාවය මත. හැබැයි නොවැම්බර් මාසේ 14දායින් පසු අපව මනින්න ගන්නේ ආණ්ඩුකරණයේ දී අපි සාර්ථක ද නැද්ද කියන සාධකයෙන්. මීට පෙර අප මනිනු ලැබුවෙ අපේ දේශපාලන ක්‍රියාකාරිත්වය හොඳද නරකද කියන එක. මෙතැන් සිට අප මැනෙන්නේ අපේ අණ්ඩුකරණය යහපත් ද අයහපත් ද කියන සාධකයෙන්. ඒ නිසා අපි දීර්ඝ කාලයක් දරන ලද වෙහෙස ජනතාවගේ අපේක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන අරමුණු… මේ සියල්ල සාර්ථක කරගැනීමේ දී අපේ ඉලක්ක මෙහෙයවීම සඳහා යහපත් ආණ්ඩුකරණය අවශයයයි.

තවදුරටත් අපව මැනෙන්නේ සටන් පාඨ මතවාදවලින් නෙවෙයි… අප අද සිට මැනෙන්නේ අපේ සටන් පාඨ මතවාදවලට කොච්චර පණ පොවන්න පුලුවන් ද කියන පාලනයක් ලෙස.

ඒ නිසා ජයග්‍රහණය විශාල වගේම මේ ජයග්‍රහණය විසින් අප වෙත පවරා තිබෙන වගකීම් ඒ සමාන ලෙසම බරයි. සමහර අවස්ථාවල අපි කිව්වා ජයග්‍රහණය සඳහා පොරබදමු. ජයග්‍රහණයෙන් පසුව ඊට අදාල ශඛ්‍යතාවය තියන කණ්ඩායම් ඉදිරි පියවර ගෙනියයි කියලා. හැබැයි හොඳට හෝ නරකට ජයග්‍රහණය සඳහා පොර බදන්නත් සිද්ධ වුනා අපට. ජයග්‍රහණයෙන් පසුව ඒ කාර්ය සාර්ථක කරගැනීමේ වගකීමත් දැන් අප වෙත පැවරිලා තියනවා.

මේ සියල්ල තියෙන්නේ ඔබ මත. ඔබ තමයි කේන්ද්‍රය. ඔබ මොනතරම් ඔබගේ ක්ෂේත්‍ර ප්‍රතිඵළදායක ලෙස මෙහෙයවන්න සමත් ද?. ඔබ මොනතරම් ඔබට පැවරී ඇති වගකීම ඉටුකිරීම සඳහා සමත් ද?. මේ මත තමයි අපි ඊලඟ සමත් අසමත් භාවය තීන්දු කරන්නේ. අපි අදියර දෙකකින් සමත්වීමක් තියනවා. ඊලඟ අප සමත් වනවා ද නැද්ද යන්න තීරණය කරන වැඩපිළිවෙළේ ඔබගේ පංගුව විශාලයි. ඒ නිසා ඔබ යහපත් ආණ්ඩුකරණය සඳහා දක්වන වගවීම සහ බැඳිම තමයි අපට මේ ගමන සාර්ථකත්වයෙන් කෙළවර කරන්න පලුවන් වෙන්නේ.

අන්න ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු. ඒ වෙනුවෙන් අපි එක්ව හඬ නගමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල් කරුණාරත්න කැබිනට් එකේ නෑ…

Next Post

ගෑස් සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් ගන්න රවී කරුණානායක කළ පජාත වැඩෙන් මුළු පක්ෂයම අවුලට….

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.