බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිසිදේකට කලබල වෙන්න එපා… ජාතික ආරක්ෂාව සහතිකයි… අරුගම්බේ සිද්ධිය ගැන වැඩබලන පොලිස්පති කියයි!

by editor
ඔක්තෝබර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න-

අරුගම්බේ සිද්ධිය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති කරන සිද්ධියක් නොවන බවත්, රටේ සිටින විදේශිකයන් සම්බන්ධව යම් ගැටලුවක් තිබුණ නමුත් මුල සිටම ලද බුද්ධි තොරතුරු මත දීර්ඝ වශයෙන් සිදුකළ සැලසුම් සහ දත්ත මත පදනම් රටේ සියලුම විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේය.

රට තුළ සිටින යම් විදේශික ජාතික පිරිසකට ප්‍රහාරයක් එල්ලවන බවට ලද බුද්ධි තොරතුරක් මීට සති තුනකට පෙර සිට ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවට ලක් වූ බව ද ඒ අනුව නිශ්චිත බුද්ධි වාර්තා ලැබීමෙන් අනතුරුව පූර්ණ ආරක්ෂක තහවුරු කිරීමක් සිදුකර ඇති බව ද පොලිස්පතිවරයා හෙළි කළේය.

දැන් කිසිම දේකට කලබල නොවී පොලිිසය පවත්වන පරීක්ෂණ සඳහා සබුද්ධිකව සහයෝගය දෙන ලෙස ද වැඩ බලන පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මෙසේ ද කීවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

2023 ඔක්තොම්බර් 07 දින මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම 2024 ඔක්තොම්බර් මාසය ආසන්න වනවිට ලෝකයට පුරා ත්‍රස්තවාදී කටයුතු විවිධ පාර්ශ්වවලට ව්‍යාප්ත වෙලා තිබුණා. ශ්‍රී ලංකාවටත් යම් තර්ජනයක් ඇතිවේ යැයි සැකයක් ඇතිවුණු නිසා සහ බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් ඉතා හොඳින් ආවේක්ෂණ රාජකාරී කරපු නිසා ඔක්තෝබර් 07 වන විට ඒ සම්බන්ධයෙන් අපිට බුද්ධි තොරතුරු ලැබුණා.”

“යම්කිසි විදේශික ජාතිකයන් ඉලක්ක කරගෙන යම් කිසි ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් කියලා මීට සති 3කට පෙර පටන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලයේ ජානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් උපදෙස් ලැබුණා.”

“උපදෙස් ප්‍රකාරව එම විදේශිකයන්ගේ ආරක්ෂාව, එම ස්ථානවල ආරක්ෂාව, සමහර විදේශිකයින් පුදපූජා කටයුතු කරන ස්ථානවල විශේෂ ආරක්ෂක සැලසුමක් යටතේ පොලීස්ථානවලින් ඒ වගේම , විශේෂ කාර්ය බලකාය මගින්, ආරක්ෂාව සැලසුවා. ඊට අමතරව අප එම ස්ථානවලට  බුද්ධි නිලධාරීන් යෙදෙව්වා. වෙනත් තොරතුර ලබා ගන්නා ක්‍රමවේද අපි සම්බන්ධ කරගත්තා. මේ අතර කොන්සල් ජනරාල්වරුන් සමග සම්බන්ධතා පැවැත්තුවා. ”
මේ වනවිට ඇමරිකානු ආරක්ෂක උපදේශයක් නිකුත් කිරීමත් සමග මේ සම්බන්ධයෙනුත් අපට දැනුම්වත් කමක් තිබුණා. බුද්ධි අංශ  අපව දැනුම්වත් කරලා තිබුණා ඒ අනුව අපි මෙම ආරක්ෂක කටයුතු ඊයේ (22) දිනයේ සිට විශේෂිත වූ ආරක්ෂක සැලැස්මක් දියත් කළා. ඊට හේතුව වුනේ ඒ තොරතුර නිශ්චිතව ලැබීමත් ඒ නිශ්චිත තොරතුර පදනම් කරගෙන ඊයේ ආරක්ෂක කවුන්සිලය මාර්ගත ක්‍රම වේදය ඔස්සේ පැවැත්වුනා .”

“අද උදෑසනත් ආරක්ෂක කවුන්සිලය රැස්වුණා. මේ සම්බන්ධව සාකච්ඡා කළා. ජනාධිපති ලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ ආාරක්ෂක ප්‍රධානීන්, බුද්ධි ප්‍රධානීන් ත්‍රිවිධ හමුදාපතිවරුන් එහිදීත් සාකච්ඡා කළා. එහිදීත් ලැබුණු තොරතුරු අනුව මේ වනවිට විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ඒ එක්කම ඔවුනුත් සෑහීමකට පත් වෙනවා මේ අවස්ථාව සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල අපි දැනුවත් කරලා තියනවා. තානාපති කාර්යාලත් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වලා තියනවා ආරක්ෂක කටයුතු නියම ආකාරයෙන් සිදුවන බවට. ”

” ඒ වගේම දේශීය වශයෙන් දේශීය පුද්ගලයන් ඉලක්ක කරගෙන කිසිදු තර්ජනයක් මේ වනවිට නිරීක්ෂණය වන්නේ නැහැ. කෙසේ නමුත් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසියම් තොරතුරක්, කිසියම් වෙනස් වීමක්,  ත්‍රස්තවාදී තර්ජනයක්, පුද්ගලයෙක් සම්බන්ධයෙන්, තොරතුරු තියනවා නම් වහාම පොලීසියට දැනුම්දෙන්න. ඒත් එක්කම 1997 කෙටි අංකය ලබා දීලා තියනවා. ඒ යටතේ ඕනෑම වෙලාවක දැනුම්දීමක් කරන්න පුළුවන්.”

” ඒත් එක්කම සියලුම සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝ ලියාපදිංචි නැති සියලුම දෙනාට අපි ආරාධනා කරනවා කිසිදු සේවකයෙක්, එහෙම නැතිනම් වෙනත් පුද්ගලයෙක්, විදේශික ජාතිකයෙකුට යම් කිසි තර්ජනයක්, අපරාධයක් සිදුකිරීම සඳහා සැලසුමක්  තියනවා නම් ඒ සම්බන්ධයෙන් 1997ට දැනුම් දෙන්න. ඒ සම්බන්ධයෙන් අප නොපමාව ආරක්ෂක කටයුතු කරනවා.
“දැනට ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අද දිනයේත් විශේෂ ආරක්ෂක සැලසුම් වැටලීම්, සෝදිසි කිරීම් අරුගම්බේ ප්‍රදේශයේ ක්‍රියාත්මවුනා. නමුත් සැකකටයුතු පුද්ගලයෙක් හෝ දේපොළක් හමු වුණේ නැහැ.”
” ඉතින් නිශ්චිත වශයෙන්ම කියනවා නම් ආරක්ෂාව අපි උපරිම වශයෙන් ලබා දීලා තියනවා විදේශිකයින් සම්බන්ධයෙන්. ඒ වගේම විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සඳහා ශ්‍රී ලාංකිකයින් ලෙස අපට අත්‍යාවශ්‍යයයි.

ඒ නිසා මා නැවත නැවතත් ඉල්ලා සිටිනවා කිසියම් වූ සැක කටයුතු පුද්ගලයෙක්, සැක කටයුතු සැලසුමක්, සැක කටයුතු පුපුරණ ද්‍රව්‍යයක් ගැන දන්නවා නම් ඒ පිළිඳව පොලිසියට දැනුම් දෙන්න. පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගනී.

ඒත් එක්කම අපට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ද ගන්න හැකියාව තියනවා. ජනාධිපති තුමත් ඒ පිළිබඳව උපදෙස් ලබා දීලා තියනවා. දැනටමත් ඒ සහය ලබාගෙන අවශ්‍ය මෙහෙයුම් කටයුතු කෙරෙනවා.”

මාධ්‍ය – දැනට ජාතික ආරක්ෂාව පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් ශ්‍රි ලංකාවේ නෑ කියලා කියනව ද?

පොලිස්පති   – “ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ලංකාවේ සිටින විදේශික ජාතිකයන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබුණා. ඒක අපට විතරක් නොවෙයි, ලෝකයේ අනෙක් රටවලටත් පොදුයි. කොහොම නමුත් අපි කිසිදු සිදුවීමක් ඇති නොවෙන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා. සංචාරකයින්ටත් එම මගපෙන්වීම් සහ දැනුම් දීම් කරලා තියනවා.

මාධ්‍ය – මේ වනවිට ගුවන්තොටුපල මුල් කරගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියනව ද?

පොලිස්පති   – “ගුවන්තොටුපොළේ මෙන්ම ගුවන් තොටුපල පැමිණෙන මාර්ගාවල ආරක්ෂක කපොළු යොදා විශේෂ ආරක්ෂක සැලැස්මක් දැනට ක්‍රියාත්මක වෙනවා.”

මාධ්‍ය – මීට අමතරව මහජනතාවට දෙන්න පුලුවන් උපදේශයක් තියනව ද?

පොලිස්පති – මම මහජනතාවගේ ඉල්ලා සිටිනවා බිය වෙන්න තමන්ගේ දෛනික කටයුතුවලට ගැටලුවක් ඇති කරගන්න කාරණාවක් නෑ. ඒවා ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම ආරක්ෂක කවුන්සිලය, ජනාධිපතිවරයාගේ උපදෙස්, ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස්, මහජන ආරක්ෂක අමාත්‍ය තුමාගේ උපදෙස් පරිදි බිම් මට්ටම දක්වා, ශ්‍රී ලංකා පොලිසියේ සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා මෙම පණිවිඩය ගහින් තියනවා. ඒ අනුව ක්‍රියා කරනවා.

බයවෙන්න, ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති කරගන්න කාරණයක් නෙමෙයි. ආරක්ෂාව විධිමත් විදිහට යනවා. ඒකට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වාහන සහ යතුරුපැදි 100ක් අතුරුදහන්… විගණනය වාහන කොහිදැයි ඇසූ විට ලොක්කන්ට උත්තර නැති වෙයි…

Next Post

ලෝක වාර්තාව ඔවුන්ගේ … ඒත් තරග ජයග්‍රහණය අපේ… තරගාවලිය දිනුම්! ස්තිතුයි කොල්ලනේ….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.