ලලිත් චාමින්ද –
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුවට අයත් වාහන සහ යතුරුපැදි 87ක් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 13ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එම විගණන වාර්තාවට අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුව නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන සහ යතුරුපැදි 87ක පැවැත්ම තහවුරුකරගනිමට නොහැකිවි ඇත. එමෙන්ම .බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන 13ක පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි වාහනවල භෞතික පැවැත්ම තහවුරුකරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යංශ තුනකට අයත් වාහන 03ක් වසර හතරක කාලයක සිට ජනාධිපති ලේකම් කාර්යාලයට මුදාහැර තිබු අතර එම වාහන නැවත අදාළ අමාත්‍යංශ වෙත ලබා ගැනිමට 2023 වර්ෂය අවසන්වනවිටත් කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුවට අයත් වාහන සහ යතුරුපැදි 87 ක් නොමැතිවිම පිළිබද බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ පිළිතුරු පසුව ඉදිරිපත් කරණ බවය. එමෙන්ම ප්‍රධාන ලේකම් කාර්යාලයේ වාහන 13ක් නොමැතිවිම පිළිබද සොයාබලා ඉදිරියේ දි කටයුතු කරණ බව විගණනයට සදහන් කොට ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයට මුදාහැර ඇති වාහන නැවත ලබාදෙන ලෙස දිගින් දිගටම ඉල්ලිම් කළ ඇති නමුත් ලබාදිමට නොහැකි බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විසින් දන්වා ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත.
බස්නාහිර පළාත් සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි..







