බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලෝක වාර්තාව ඔවුන්ගේ … ඒත් තරග ජයග්‍රහණය අපේ… තරගාවලිය දිනුම්! ස්තිතුයි කොල්ලනේ….

by editor
ඔක්තෝබර් 23, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

වැස්සෙන් බාධා වූ බව සැබෑය. හැබැයි අද (23) පල්ලෙකැලේ දී දැක්කේ ලස්සන තරගයකි. බටහිර ඉන්දීය කොදෙව්වෝ ලෝක වාර්තාවක් තැබූහ. එහෙත් ඔවුන් කඩුළු 05කින් මැච් එක පරාදය.

වැස්සෙන් බාධා වූ තරගය…

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. වර්ෂාව නිසා තරගයට පන්දු ඕවර 06ක් අහිමිව තිබිණි. ක්‍රීඩා කළේ ඕවර 44ක තරගයකි. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තේරූහ.

දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යැවීමය. බටහිර ඉන්දීය කොදෙව් මුල් පෙළ ඒ තරම් අසරණවන අවස්ථාවක් මෑතක දී පෙනුනේ නැත. මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 09ක් යවා ලකුණු 25කට කඩුළු 03කි. අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 07ක් යවා ලකුණු 35ට කඩුළු 03කි. වනිඳු හසරංග පන්දු ඕවර 08ක් තුළ ලකුණු 40කට කඩුළු 04කි.

ගුඩාකේෂ් මෝටි සහ ෂෙෆාන් රදර්ෆඩ්… ලෝක වාර්තාවක් පිහිටවූ සම්බන්ධතාවය…

අද තරගයේ විශ්මයක් දුටුවෙමු. බටහිර ඉන්දීය කොදෙව්වෝ අන්ත අසරණ වී සිටියහ. මුල් පෙළ කඩුළු 08ක් ලකුණු 58කට දැවී ගොස්ය. ලකුණු 70ක ඉලක්කයක් පෙනුනේ නැත. පිතිකරණය ඒ තරම් ගර්හිතය. බ්‍රෙන්ඩන් කින් හැරෙන්න අනෙක් එකම ක්‍රීඩකයෙක්වත් ලකුණු 10 ඉක්මවා ගොස් සිටියේ නැත. 8වන කඩුල්ල වෙනුවෙන් ලෝකවර්තාවකින් කෙළවරවන විශ්මිත සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්නේ ඒ බිහිසුණු තත්ත්වයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සිටියදී ය.

එක්දින ජත්‍යාන්තර තරගයක 9වන කඩුල්ල වෙනුවෙන් මෙතෙක් වාර්තා වුන වැඩිම සම්බන්ධතාවය ගුඩාකේෂ් මෝටි සහ ෂෙෆාන් රදර්ෆඩ් අතර ගොඩනැගුණි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ සම්බන්ධතාවය ලකුණු 119 කි. ෂෙෆාන් රදර්ෆර්ඩ් ලකුණු 80ක් ලැබීය. ඒ පන්දු 82ක දීය. ඒ වික්‍රමාන්විත පිතිකරණය ක්‍රිකට් ආශ්චර්යයක් බව ලියා තැබිය යුතුය.

ඔහුට එක්වන අංක 09 ක්‍රීඩක බටහිර ඉන්දීය කොදෙව් පිලේ බිහිසුණු දඟ පන්දු යවන්නා ගුඩේකාෂ් මෝටි නොදැවී විශිෂ්ට අර්ධ ශතකයක් ලබන්නේය. ඔහු පන්දු 61ක් තුළ හතරේ පහර 06ක් සමගින් රැස්කළ ඒ ලකුණු ප්‍රමාණය ශතාකාධික වටිනාකමකින් යුක්ත වූයේය. මේ සම්බන්ධතාවය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 189ක විලිලජ්ජාවක් නැති ඉලක්කයක් ලබා දිය හැකි තැනට රැගෙන ආවේය.

09 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගෙන ලෝක වාර්තාවට මින් පෙර හිමිකම් කීවේත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමය. යනික් ක්‍රයර් සහ අල්සාරි ජෝෂප් අතර ගොඩනැගී තිබුණු එම සම්බන්ධතාවය ලකුණු 85කි.

ශ්‍රී ලංකාවට ලකුණු 190ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබුණේය.

ආරම්භයේ දි නම් ඒ ඉලක්කය ඒ තරම් පහසු එකක් නොවන බව බටහිර ඉන්දීය කොදෙව්වෝ පෙන්වා දුන්ය. මුල් කඩුලු 02කම ලකුණු 25කට දැවී ගියේය. අදත් සාර්ථක නොවුන අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 09කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් ද අද අසාර්ථකය. අද තරගයේ තරු ක්‍රීඩකයා වුන ගුඩාකේෂ් මෝටි ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 03කට දැවී ගියේය.

එහෙත් නිශාන් මධුෂ්ක අදත් සාර්ථ ඉනිමක් දියත් කළේය. ඔහු පන්දු 44ක දී ලකුණු 38කි. සධීර සමරවික්‍රම සුපුරුදු විශාවසනීය රිද්මයෙන් නොවුනත් පන්දු 50ක දී ලකුණු 38ක් ලැබුවේය

තරගයේ වීරයා… මහීෂ් තීක්ෂණ…

අද තරගයේ ශ්‍රී ලංකා පිතිකරණ රිද්මය කණ්ඩායමක් ලෙස ඒකතානමයකින් පවත්වා ගැනීමට පදනම් දැමූ පිතිකරුවා නායක චරිත් අසලංකය. චරිත පන්දු 61ක් තුළ ලකුණු 62ක් ලබන්නේ හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමිනි. ජනිත් ලියනගේ ඔහු හා එක් වී ලකුණු 50 ඉක්මවූ සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. ජනිත් ලියනගේ දුවද්දී දැවී යෑමට හසු නොවන්නට මේ තරගය නිමා වන්නේ කඩුළු 04ක් පමණක් දැවෙමිනි. ඔහු එපමණ කදිමට ක්‍රීඩා කළේය. එහෙත් ජනිත් ලකුණු 24කට දැවී ගියේය.

අවසානයේ අසලංක සමග එක් වුන කමිඳු පන්දු 34ක් ඉතිරිව තිබිය දී තරගය නිමා කළේය. දැන් තරගාවලියේ ශූරතාවය අපටය. තරගාවලිය තරගයක් ඉතිරිව තිබිය දී ජයගෙන ඇත.

පන්දු යැවීමේ දී යළිත් මෝටිගේ විශිෂ්ඨත්වය මතු වන්නේය . ඔහු පන්දු ඕවර 08ක් යවමින් ලබා දෙන්නේ ලකුණු 18කි. එක් කඩුල්ලක් ලබා ගත්තේය. නිලකුණු පන්දු ඕවර 02ක් ඔහු යැවූ පන්දු ඕවර 09 තුළය

අල්සාරි ජෝෂප් කඩුළු 02කි. රොස්ටන් චේස් එකකඩුල්ලකි. තරගයේ තරු ක්‍රිඩකයා මෝටි ය. එය දෙකක් නැත. එහෙත් මේ තරගය ජයග්‍රහණයට මෙහෙයවූ තරගයේ වීරයා මහීෂ් තීක්ෂණය.

දැන් අපට ජයග්‍රහණ ලැබෙමින් ඇත්තේය. නිරන්තර ජයග්‍රහණ ඒ සංස්කෘතිය නිර්මාණය කරන්නේය. නිර්මාණයවන නව සංස්කෘතිය රටට ආදේශ කිරීම සඳහා ක්‍රිකට්වලින් පටන් ගත හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිදේකට කලබල වෙන්න එපා… ජාතික ආරක්ෂාව සහතිකයි… අරුගම්බේ සිද්ධිය ගැන වැඩබලන පොලිස්පති කියයි!

Next Post

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපතිකමේ වැඩ කරන ගමන් NPP එකෙන් ඡන්දය ඉල්ලන්න ගිය මුදියන්සේ තනතුරින් පහ කරයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.