කිලිනොච්චිය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකටම නිලධාරියෙක් වූ එච්. සමුද්‍රජීවගේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිධූරය පොලිස්පතිවරයා විසින් අද ඉවත්කර ඇත.
ඊට හේතුවී ඇත්තේ ඔහුට ලබාදුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිධූරය රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමත නොකිරීමය.
මේ වන විට මාස හයක පමණ කාලයක් තිස්සේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස සමුද්‍රජීව සේවය කරමින් සිටියේය.
මෙසේ සමුද්‍රජීව ගේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිධූරය අනුමත නොකිරීමට හේතුවී ඇත්තේ ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයක් බව සඳහන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරනු ලැබුවේ මෙයට වසර කිහිපයකට පෙර අනුරාධපුරයේ වූ යම් අපරාධමය සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාලව යම් සැකයක් සමුද්‍රජීව වෙත යොමු වූ බවත් එම අපරාධයට ඔහුගේ සම්බන්ධයක් ඇති බව සනාථ නොවුණු බවත්ය.
ඒ අනුව ඔහු එම අපරාධයට චූදිතයෙක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.









