කීර්ති ප්‍රනාන්දු –
කුඩා දරුවෙකුගේ ශරීරයේ මත්කුඩු සඟවා එම මත්කුඩු බෙදා හැරීම සිදුකළ මවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් වටලා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර මව ත්‍රී රෝද රථයකින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් හා එක්ව මෙම මත්කුඩු බෙදා හැරීම සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
සැකකාර මව ඇගේ වයස අවුරුදු තුන හමාරක පමණ වයසැති දරුවාගේ ශරීරයේ මෙම මත්කුඩු සඟවාගෙන ත්‍රී රෝද රථයෙන් ගොස් බෙදා හැරීම සිදු කර තිබේ.
පොලිස් බුද්ධි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරු අනුව කොළඹ නුවර මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව, අනෙක් පුද්ගලයින් සහ මත්කුඩු පොලිසිය භාරයට ගත් බවත් අදාල සැක කරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලිසිය කියයි.







