සූරියවැව නුවන් ජයසේකර –
සූරියවැව, මහ පැලැස්ස, වැවේගම, තිස්සමහාරාම, බෙරළිහෙළ ප්‍රදේශ අවට දැනට පැය තුනක පමණ කාලය සිට ආගන්තුක ද්‍රව්‍යයක් පාවෙමින් ඇති බව වාර්තා වේ.
මකුළු දැල් වලට සමාන පොඩි නූල් කැබලි වැනි මේ ද්‍රව්‍ය පාවෙන අවස්ථාවේ දී කැමරාවකට හසු කර ගත නොහැකි බවත් ගස්වල, වාහනවල පැටලී ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
ඔවුන් පවසන්නේ තමන් මෙවැනි අත්දැකීමක් මින් පෙර ලබා නැති බවය.
මේ පිළිබඳව කොළඹ විශ්විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්ද ජයරත්නගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ තමන්ටද මෙම ඡායාරූප නිරීක්සනය කිරීමට අවසථාව ලැබුණු බවයි. මෙය බොහෝ විට මෙම කාලයේ මකුළුවන් තම පැටවුන් බිහි කිරීමේ කාලය වන අතර එම ක්‍රියාවලියේදී දහස් ගණනක් මෙවැනි මකුළු දැල් වා තලයට නිදහස් වන බවය. මේ සම්බන්ධයෙන් මීට පෙරද ඇතැම් අවස්වථාල මේ සංසිද්ධිය අත්දැක ඇති අතර ඡායාරූප අනුව මකුලු දැල් මෙලෙස පැමිණි බවට සැලකිය හැකි බවය.
මේ පිළිබඳව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය හරහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්වත් වී ඇති බව වාර්තා වේ.