අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජී.එස්.පී ප්ලස් දෙන්න…  ලෝකයට පිළිගත හැකි සේ මානව හිමිකම් හදාගන්න…

by editor
ඔක්තෝබර් 2, 2021
in පුවත්, ව්‍යාපාර
GSP+
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට යුරෝපයෙන් හිමිව තිබෙන අපනයන භාණ්ඩ සඳහා වන ජී.එස්.පී ප්ලස් සහනය ඉදිරියේදී ලැබීම පිළිබඳ ඉරණම ඉදිරි කාලය තුළ ශ්‍රි ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය අනුව තීරණය වනු ඇති බවත් 2022 වසර වනවිට දැනට ශ්‍රි ලංකාවේ පවතින    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව සංශෝධනය වී සකස් විය යුතු බවටද යෝජනා කර තිබේ.

ශ්‍රි ලංකා පාර්ශ්වයද ඊට එකඟතාව පළ කර ඇති බව යුරෝපා සංගමය සහ යහපාලනය, නීතියේ ආධිපත්‍යය  සහ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායම  ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

පසුගිය 27 වැනිදා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයට අදාළ නිර්නායක පිළිබඳව සමාලෝචනය කිරීමේ දූත කණ්ඩායම පසුගිය දින කිහිපය පුරා අදාළ ක්ෂේත්‍ර සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර අදාළ සමාලෝචනයට බඳුන් වන අංශ පිළිබඳ ව පුළුල්ව විමර්ශනය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ශ්‍රි ලංකා කමිටුව මෙහිදී යුරෝපා සංගමය කොවිඩ් වසංගතය අවස්ථාවේදී ශ්‍රි ලංකාවට කොවැක්ස් පහසුකම හරහා ලබා දුන් එන්නත් ඇතුළු වෛද්‍ය පහසුකම් පිළිබඳව අගය කළ අතර ඉතා සුහද පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

20 ගැනත් විමසයි

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ යුරෝපා දූත පිරිස මෙරට අධිකරණයේ ස්වාධිනන්තවය, 20 වැනි  සංශෝධනයෙන් පසුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ක්‍රියාවලිය ‍මෙන්ම මෙරට ස්වාධීන ආයතන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ඇගයීමකට ලක් කර ඇති බවය.

එහිදී  ස්වාධීන ආයතනවල ස්ථාවර පැවත්ම සහතික කළ යුතු බව දෙපාර්ශ්වය විසින්ම පිලිගනු ලැබ තිබේ. එසේම ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කරන විට ජාත්‍යන්තර සම්මතයන් සහ මානව හිමිකම්වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

අධිකරණ අමාත්‍යාංශය විසින් නිලධාරීන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නිල හා නිල නොවන නීනීඥ සංගම්වල සාමාජිකයින් එක් කර ගත් උපදේශන ක්‍රියාවලීන් තුළින් ක්‍රියාත්මක කෙරෙන පුළුල් නීති ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය යාවත්කාලීන කර ඇත.. මෙම ක්‍රියාවලිය තුළ පුළුල් උපදේශන ක්‍රියාවලියක් පිළිබඳව සලකා බැලීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කර ඇති බව මෙම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

සිවිල් සමාජය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම සහ එහි සියලු විවිධත්වයන් තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවකාශය ලබා දීම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය. මෙම ප්‍රයත්නවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සඳහා සිය සූදානම යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.

මරණ දඬුවමට විරෝධය

කවර තතත්වයක් යටතේ වුවද      මරණ දඬුවම ලබා දීම සඳහා සිය විරෝධය යුරෝපා සංගමය යළි අවධාරණය කළේය. එය අඛණ්ඩව පවතින අත්හිටුවීම පිළිගත් යුරෝපා සංගමය, මරණ දඬුවම විධිමත් ලෙස අහෝසි කිරීම සඳහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ යුරෝපා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මනීෂා ගුණසේකර මහත්මිය සහ යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවාවේ දකුණු ආසියා අංශයේ ප්‍රධානී ඉඔවානිස් ජියොකාරාකිස්-ආගිරොපොලස් මහතා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපතිත්වය දැරූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිස්සමහාරාම අහසේ පැය හතරක් තිස්සේ පාවෙන ආගන්තුක නූල් කැබලි…

Next Post

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සී.අයි.ඩී යට ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.