ඇල්ල ප්‍රදේශයේ රැඳී සිටි ජර්මන් ජාතික සංචාරකයෙක් කිතල් ඇල්ල නැරඹීමට ගොස් සිටි අවස්ථාවේ දී ඇල්ලෙන් පහළට ඇදවැටී මිය ගොස් තිබේ.
මෙම අනතුරු සිදුවී ඇත්තේ ඊයේ පෙරවරුවේදී ය.
මියගොස් ඇත්තේ 33 හැවිරිදි ජර්මන් ජාතික තරුණයෙකි. මෘත ශරීරය බදුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්දව ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.