අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

න්‍යෂ්ටික යුද්ධයක් ඉඟි කරමින් ලෝකය තිගැස්සූ පූටින් ගේ තර්ජනය…

by editor
පෙබරවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ මුලු ලෝකයම තිගැස්සුවේය. ඒ සිය රටේ න්‍යෂ්ටික අවි ඇතුළු ආරක්ෂක හමුදාවන්  දැඩි සීරුවෙන් තබන ලෙස නියෝග කරමිනි.

ඇමරිකාව ප්‍රමුඛ නේටෝ රටවල ඉහළ නිලධාරීන් රුසියාව පිළිබඳ   ආක්‍රමණශීලී අදහස් දැක්වීමට ඉඩ දී ඇති එබැවින් අවදානම් අවස්ථාවකට මුහුණ දීම සඳහා න්‍යෂ්ටික අවි ඇතුළු සමස්ථ රුසියානු  ආරක්ෂක හමුදාව සීරුවෙන් තබන ලෙස ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගුට සහ  සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරසිමොව්ට  රුසියානු ජනාධිපතිවරයා නියෝග කර තිබිණි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින්  රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වූ රිආ නොවොස්ටි ( RIA Novosti ) දක්වා තිබුණේ   “හමුදාවන් සැලසුම් කර ඇත්තේ රුසියාවට සහ එහි සහචරයින්ට එරෙහි ආක්‍රමණ වැළැක්වීමටත්   ආක්‍රමණිකයා පරාජය කිරීමටත් වූ      න්‍යෂ්ටික අවි භාවිතය සහිත උපයා මාර්ගික යුද්ධයක්” බවය.

Jens-Stoltenberg
නේටෝ මහලේකම්  ජේන්ස් ස්ටොලන්බර්ග්

මේ ප්‍රකාශය නේටෝවේ බරපතල අවධානයට ලක් විය.  තම රටේ න්‍යෂ්ටික අවි ඇතුළුව – හමුදාවන් දැඩි සීරුවෙන් තබන ලෙසට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නියෝගය “භයානක වාචාලකමක” කොටසක් බව නේටෝ මහලේකම්  ජේන්ස් ස්ටොලන්බර්ග් ( Jens Stoltenberg ) ඊයේ සී.එන්.එන් වෙත ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඔබ මෙම වාචාලකම යුක්රේන  භූමියේ කරන දේ සමඟ ඒකාබද්ධ කරන්නේ නම් තත්වය තවත් බරපතලයි. මොකද  ස්වාධීන ස්වෛරී ජාතියකට එරෙහිව යුද්ධ කරමින්, යුක්රේනය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන අතර මේ ප්‍රකාශය සිදු කරන නිසා…“

“අපි  යුක්රේනයට සහයෝගය ලබා දීමට හේතුව එයයි… නමුත් පසුගිය   මාස කිහිපය තුළ අපි නැගෙනහිර කොටසේ නේටෝ සාමාජිකත්වය සහිත සන්ධානය තුළ මැදිහත්වීම් සැලකිය යුතු ලෙස වැඩි කළා.  එක්සත් ජනපදය පමණක් නොව යුරෝපීය සහචරයින් ද දැන් ඉදිරියට එමින් ඉන්නවා. වැඩි භට පිරිසක්, වැඩි නැව්, තවත් ගුවන් යානා අපගේ ආරක්ෂාව සඳහා යොදවනවා.  අපි දැන් නව සාමාන්‍යයකට මුහුණ දී සිටින බව අප තේරුම් ගත යුතුයි.“

” මේ වඩා ආක්‍රමණශීලී රුසියාවට ප්‍රතිචාරයක් ලෙස අප විසින් කළ යුතු අනුවර්තනයේ ආරම්භය පමණයි.”  නේටෝව කියන්නේ එසේය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි  (Jen Psaki)  පැවසුවේ රුසියාවේ න්‍යෂ්ටික හමුදා දැඩි සීරුවෙන් තැබීමට  තීරණය කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ක්‍රෙම්ලිනයේ සිට “නිෂ්පාදිත තර්ජන” ය ගැටුම උත්සන්න කිරීමේ පුලුල් රටාවක කොටසක් බවය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි

“මෙය ඇත්ත වශයෙන්ම මෙම ගැටුමේ ගමන් මග හරහා ජනාධිපති පුටින්ගෙන් අප දුටු රටාවක්. එය තවදුරටත් ආක්‍රමණ සාධාරණීකරණය කිරීම සඳහා නොපවතින තර්ජනයක් නිර්මාණය කරනවා.    ගෝලීය ප්‍රජාව සහ ඇමරිකානු ජනතාව එය දෙස බැලිය යුතුය.“

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය

” අපට අපව ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපි මෙහි දකින දේ ජනාධිපති පුටින්ට දන්වා සිටිය යුතුයි.”

රුසියාවේ න්‍යෂ්ටික සූදානම ගැන යුක්රේන විදේශ අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා කතා කළේය. ඔහු  පැවසුවේ රුසියානු නායක ව්ලැඩිමීර් පුටින්ගේ න්‍යෂ්ටික අවි සූදානම් කිරීමේ නියෝගය  සඳුදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී යුක්‍රේන නියෝජිත පිරිසට බලපෑම් කිරීමේ උත්සාහයක් බවය.

Dmytro-Kuleba
යුක්රේන විදේශ ඇමති දිමෙත්‍රෝ කුලේබා…

“ඔබට පෙනෙන පරිදි, ජනාධිපති පුටින්ගේ මෙම නියෝගය පැමිණියේ දූත මණ්ඩල දෙක හමුවීමට සූදානම් බව නිවේදනය කිරීමෙන් ටික වේලාවකට පසුවයි. තවද   මෙම නියෝගය   යුක්රේන නියෝජිත පිරිසට අමතර පීඩනයක් එල්ල කිරීමේ උත්සාහයක් ලෙස අප දකිනවා.” කුලේබා යුක්රේන් අගනුවර වූ කියෙව්හි පැවති සාකච්ඡාවකදී  කීවේය.

“නමුත් අප මෙම පීඩනයට යටත් නොවනු ඇති”   කුලේබා වැඩිදුරටත් කීවේය. ” මෙම සාකච්ඡාවට ඉතා සරල ප්‍රවේශයකින් ප්‍රවේශ වෙනවා. යුක්රේන නිලධාරීන් “රුසියාව පවසන දෙයට සවන් දීමට” කැමැත්තෙන් සිටිනවා.“

කුලේබා අවසාන වශයෙන් මෙසේ ද කීවේය.

න්‍යෂ්ටික අවි සීරුවෙන් තැබීමේ පූටින්ගේ තීරණය අපට සෘජු තර්ජනයක් බව සැබෑවක්. නමුත් මට ඉතා සරල පණිවිඩයක් දෙන්න තියනවා. එය ලෝකයට විශාල ව්‍යසනයක් වනු ඇති.“

“නමුත් එය අපව බිඳ නොදමනු ඇති.”

(සීඑන්එන්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්තානයේ කාන්තාවෝ යුක්තිය ඉල්ලා පා ගමනක

Next Post

කිතල් ඇල්ලෙන් වැටී ජර්මන් සංචාරකයෙක් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.