බලාපොරොත්තු සහිත උදෑසනකි. යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා අද උදෑසන බෙලරුස් දේශසීමා අසලින් ආරම්භ වීමට නියමිත බව TASS ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
සාකච්ඡා ඇරඹෙන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ න්‍යෂ්ටික හමුදා දැඩි සීරුවෙන් තබා ඇති පසුබිමකය.
ඉරිදා යුක්රේන හමුදාවන්ට “දුෂ්කර දිනයක්” වූ බව යුක්රෙන් හමුදා ප්‍රකාශකයෙක් කීවේය. රුසියානු හමුදා සෑම දිශාවකටම පාහේ අඛණ්ඩ ෂෙල් ප්‍රහාර එල්ල කර තිබිණි.
යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව රුසියානු ආක්‍රමණය ආරම්භයේ සිට මේ දක්වා ළමුන් 14 දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 352 දෙනෙක් මියාගොස් තිබේ.
මේ යුද්ධය තවත් අවශ්‍ය ද?.
යුක්රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පවසා තිබුනේ ඉදිරි පැය 24 “තීරණාත්මක” බවය.
(අල් ජසීරා)