අද (17) සවස කොළඹ පැවැත්වෙන දේශපාලන රැස්වීමක් සඳහා ඩුබායි හි සැඟව සිටින ලංකාවේ ප්‍රධානම මත්කුඩු ජාවාරම්කාර අපරාධකරුවෙක් වූ සිරාන් බාසික් ගේ මෙහෙයවීමෙන් ඔහුගේ ගෝලයින් යොදවා බස් පිටින් කොළඹට සෙනග රැගෙන ඒමේ කටයුත්තක් මේ වනවිට සිදුවෙමින් පවතින බව බුද්ධි අංශ ආරංචි මාර්ග හෙළි දරවු කරයි.
ගල්කිස්ස කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුන ප්‍රධාන ජාවාරම්කරුවෙක්වූ බාසික් මත්කුඩු ජාවාරම සම්බන්ධ ඉපැයීම් පිළිබඳ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ස පත් වී සිටි පුද්ගලයෙකි.
ඔහුගේ ගෝලයින් දෙහිවල, ගල්කිස්ස, අවට වතුවලින් බස් පුරවා රැගෙන එන මෙම සෙනග රැගත් බස් රථ 05ක් සම්බන්ධව දැනට හෙළිදරවු වී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.
මේ සඳහා එක්වන සෑම පුද්ගලයෙක් සඳහා ආහාර පාන සහ රුපියල් 3000ක මුදලක් ලබා දීමට බාසික් ගේ ගෝලයින් මේ වනවිට කටයුතු කරන බව බුද්ධි අංශ හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.
සිරාන් බාසික් සම්බන්ධව මෑත කාලයේ දී විශාල කතාවක් ඇතිවන්නේ ඔහු මත්කුඩු ජාවාරමින් උපයාගත් ධනය යොදා ගොඩනැගුවා යැයි කියන දෙහිවල මුහුදු වෙරළ ආශ්‍රිතව ඉදිකර තිබූ ප්‍රධාන හෝටලයක් වූ සෝල් බීච් හෝටලය ජනවාරි මස 01 වැනිදා යුක්තිය මෙහෙයුම යටතේ ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමගය.
සිරාන් බාසික්ගේ පුත්‍රයෙක් අවලංගු වූ ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගල්කිස්ස නගර සභාවට තරග කිරීමට සූදානමින් සිටියේය.







