සුමිත් පොතුපිටිය-
කැස්බෑවෙකු මරා මස් කරමින් සිටී ධීවරයකු මස් කිලෝ 10 ක් සහ කැස්බෑ බිත්තර 80 ක් සමග අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත .
වාද්දුව දමිපියගම ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ධීවරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් වාද්දුව සංචාරක හෝටලයක් පිටුපස වැටකෙය්යා පදුරක් වටලන විට සැකකරු කැස්බෑවා මස් කරමින් සිට ඇති බව පොලිසිය කීය.
කැස්බෑ මස් තොගය පානදුර පංශු වෛද්‍ය කේ එම් ආර් ආර් කුමාර වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාව සමගින් , සංරක්ෂිත මුහුදු ජීවියෙකු මරා මස් කිරීමේ වරදට සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් , සැරයන් වරුන්වන (18397) ලාල්, කනවිල (55359), සුසන්ත (95643) සහ පොකොරි හසාන් ( 91862) වැටලීමට එක්වූහ.







