පසුගිය කාලය තුළ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදුවූ නවක වධ සිදුවීමක් සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණයට සහය නොදක්වමින් ඔහු පොලිසිය මගහරිමින් සිට තිබේ. කැළුම් මුදන්නායක අත් අඩංගුවට ගනු ලබන්නේ කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී ය.
අද (26) දින ඔහුව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.







