යම් හෙයකින් කැරට් ආනයනය කිරීමට සැලසුම් කරන්නේ නම් ඒ සමඟ මිනිස් සිරුර ට අහිතකර රෝග කාරක රැසක් නොමිලේ පැමිණෙන බවද සිහියේ තබාගත යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.
ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා කැරට් ආනයනය කරමින් කිලෝව රුපියල් තුන් සියයකට පාරිභෝගිකයාට ලබාදීමට සූදානම් බව කියා සිටීම සම්බන්ධයෙන් අප කළ විමසුකට අදහස් දැක්වූ මහාචාර්යවරයා එසේ කියා සිටියේය.
වර්ෂාපතනය වැඩි වීම හේතුවෙන් සෑම වසරකම නොවැම්බර් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී එළවළු මිල ඉහළ යන බවත් අස්වැන්න නෙළන කාලය එළඹෙන බැවින් පෙබරවාරි මාසයේදී මිට ගණන් පහත වැටෙන බවත් කී මහාචාර්යවරයා එළවළු ආනයනය කිරීම ඵලරහිත කාර්යයක් බව කියා සිටියේය.
එළවළු වගාවේ අස්වනු නෙළීම පිළිබඳ සැලකීමේදී සිංහල අලූත් අවුරුද්දට එළවළු මිල අඩුවන බව කිව හැකි යැයිද මහාචාර්යවරයා කියා සිටියේය







