සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුර සිදුවන අවස්ථාවේ දි සනත් නිශාන්ත ගමන් ගත් රථය පැයට කිලෝ මීටර 160ක වේගයත් ඉක්මවලා…. අධික වේගය නිසා මින් සති 03කට පෙරත් අනතුරක් සිදුකරගෙන…

by editor
ජනවාරි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සිදුවන අවස්ථාවේ දී රථය පැයට කිලෝ මීටර 160කට අධික වේගයකින් ධාවනය වෙමින් පැවති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

“අපේ වාහනයට ඉස්සරහින් කන්ටේනර් එකක් ගමන් කරමින් තිබුණා. අපේ වාහනය කන්ටේනරයට ඉස්සර කරන්න යනකොටම දකුණු පැත්තෙන් වේගයෙන් ආපු කාර් එකක් ඉස්සර කළා. අපේ වාහනයේ ඒ කාර් එක වැදෙයි කියා අපේ වාහනය මම වමට කැපුවා. ඒත් එක්කම අපේ වාහනය කන්ටේනර් එකේ ලොකු සද්දෙකුත් එක්ක වැදුණා. වාහනය කැරකෙනවා වගේ දැනුණා. ඊට පස්සෙ මොනව වුණාද කියල සිතා ගන්න බැරි වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත   සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ කටුනායක අධිවේගි මාර්ගයේදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් එහි රියැදුරු ප්‍රභාත් එරංග පවසා තිබේ.

රාගම රෝහලේ මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින ආරච්චිකට්ටුව, කැලේගම අදිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 29 හැවිරිදි ප්‍රභාත් එරංග ගෙන් මෙතෙක් පොලිසිය කටඋත්තර ලබාගෙන නැති අතර ඔහු  මෙසේ පවසා ඇත්තේ පොලිස් නිලධාරින් සහ සනත් නිශාන්ත මහතාගේ සමීපතමයන් රෝහලට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසන අවස්ථාවලදීය.

ඉදිරියේදී ඔහුගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්     මෙම අනතුරට වගකිවයුතු පුද්ගලයා ලෙස හඳුනාගෙන සිටින්නේ මෙම රියැදුරා බවත්   විමර්ශන අංශ කියයි.  රියැදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම සහ අධික වේගය මෙම අනතුරට මුල්වී ඇතැයි පොලිසිය කියයි.

රාජ්‍ය ඇමැතිවරයා   ගමන්ගත් ඩබ්ලිව්.පී.කේ.පී. 7684 වීඑයිට් වර්ගයේ ලෑන්ඩ් කෲෂර් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ. මීගමුව දෙස සිට පැමිණ කටුනායක අධිවේගි මාර්ගයට ඇතුළු කර ඇත්තේ මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි පිවිසුමෙනි. වාහනය අධිවේගි මාර්ගයට ඇතුළු කර විනාඩි 10 – 15කටත් වඩා අඩු කාලයක් තුළ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසියට නිරීක්ෂණය වී ඇත. අධිවේගි මාර්ගයේ 11.1 කිලෝමීටර කණුව අසලදී අලුයම 1.55ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අනතුර සිදුවන විට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිට ඇත්තේ වාහනයේ රියැදුරු අසුනට යාබදව ඇති වම්පස අසුනේය. ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිලාගේ අනුරාධ ජයකොඩි (43) ගමන් කරමින් සිට ඇත්තේ ඇමැතිවරයාට සමාන්තර පිටුපස අසුනේය. ඔහු මහව අටවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථය ගැටී ඇත්තේ ජගත් එදිරිසිංහ සමාගමට අයත් බව කියවෙන ඩබ්ලිව්.පී.එල්.වයි. 1263/ ඩබ්ලිව්.පී.එල්. එක්ස් 1667 දරන කන්ටේනරයේ බඳේ පිටුපසය.

රාජ්‍ය ඇමැතිවරයා ගමන්ගත් ජීප් රථයේ වම්පස කොටස කන්ටේනරයේ පිටුපස දකුණුපස මුල්ලේ වැදී රථය කැරකී ගොස් අධිවේගි මාර්ගයේ වම්පස ඇති යකඩ වැටෙහි ගැටී තිබෙන බව මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිවේගි මාර්ග රථ වාහන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

මින් සති කීපයකට පෙරත් මෙම සනත් නිශාන්ත ගමන් ගත් රථය පාලනයෙන් ගිලිහීගොස් රිය අනතුරක් සිදු වී තිබිණි.

පසුගිය දෙසැම්බර් මස 29 දා  අළුයම සනත් නිශාන්ත  රාජ්‍ය අමාත්‍යවරයා  උත්සවයකට සහභාගිවීම සඳහා දංකොටුව බලා යමින් සිටිය දී    වේගයෙන් ධාවනය වූ අමාත්‍යවරයා ගේ සුඛෝපභෝගී ජීප් රථය  පාලනයෙන් ගිලිහී     මාරවිල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිටදී  තවත් වාහනයක හැප්පි තිබිණි.

එහිදී  ඇමතිවරයා කිසිම අනතුරකින් තොරව බේරුණේය. ඇමතිවරයාගේ වාහනය නිසා අනතුරට පත් වාහනයේ ගමන් කළ පුද්ගලයා යකඩ පොල්ලක් ගෙන ඇමතිවරයාගේ වාහනයට පහර එල්ල කල අලාභ කිරීම නිසා ඔහු පොලිස් අත් අඩංගුවට පත් විය.

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ

මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් තැන්පත් කර තිබුණු අතර   අද (26) පෙරවරු 10.30ට   පුත්තලමේ පිහිටි ඔහුගේ  නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

දේහය පිළිබද අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැරට් ආනයනය කළොත් ඒ ගොංකමේ ආදිනව ගැන කෘෂි විද්වත්හු අනතුරු අඟවති!

Next Post

කන්දකාඩුවේ ගැටුම් ඇති කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් හෙළි කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.