2023 අය-වැය ඡන්ද විමසුම ලබන මස 08 දාට යෙදෙන බැවින් එදින හෝ ඊට පෙර කැබිනට් සංශෝධනය සිදු කරන ලෙසත් එය සිදු නොකළහොත් අයවැය ඡන්ද විමසීමේ දී ප්‍රශ්න ඇති විය හැකි බවත් පවසමින් බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කළ දැනුම් දීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ආණ්ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
බැසිල් රාජපක්ෂ මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා බව ද වාර්තා වේ.
තත්ත්වයක් තුළ හෝ මේ අවස්ථාවේ කැබිනට් සංශෝධනයක් කළ නොහැකි බවත් ලබන වසර මුල දී එවැන්නක් ගැන සිතිය හැකි බවත් ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඇමති මණ්ඩලය සංශෝධනය කඩිනමින් සිදුකරන ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා ඇත්තේ පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් කැබිනට් සංශෝධනය අවශ්‍යතාවය කියමින් තමන්ට කරන කරදරය ගැන ද සඳහන් කරමින් බව දැනගන්නට ඇත.







