දිනසේන රතුගමගේ –
-
රැකියාවකට කැනඩාවට ගිහින්… රැකියාව අහිමි වූ නිසා මිතුරෙක් ලඟ ඉන්න අතර මේ අපරාධය කරලා… තවත් අපරාධ කර ඇතිදැයි දැනගන්න කැනඩාවේ බ්‍රම්රන් ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය අපරාධකරුගේ ඡායා රූපයක් මුදා හරී…
කැනඩාවේ දී කැනේඩියානු පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම රටේ වයස අවුරුදු 13 ක දැරියක් දූෂණය කළ යාපනයේ ඉපදී කැනඩාවට ගොස් සිටින සල්ලායෙක් කැනේඩියානු පොලීසිය විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.
33 හැවිරිදි අනුෂාන් ජයකුමාර් නැමති මෙම පුද්ගලයා පාරේ ගමන් කරමින් සිටි දැරියට ලියවිල්ලක් පෙන්වා ඇයගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා පාළු ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කොට ඇති බව කැනඩාවේ බ්‍රම්රන් ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය සදහන් කරයි.
මෙම පුද්ගලයා විසින් කැනඩාවේ වෙනත් ළමයින්ට හෝ කාන්තාවන්ට මෙවැනි අපරාධ සිදුකොට ඇත්දැයි සොයා බැලීම සදහාත් ඔහු වෙනත් අපරාධ වලට සම්බන්ධ දැයි විමසා බැලීම සදහාත් කැනේඩියානු පොලිසිය විසින් ඔහුගේ ඡායාරූපයක් මුදා හැර තිබේ.
අත් අඩංගුවට ගත් යාපනයේ තරුණයා රැකියවක් සදහා කැනඩාවට ගොස් සිටියදී ඔහුගේ රැකියාව අහිමි වී මිතුරෙකු ළග සිටින අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කැනඩාවේ බ්‍රම්රන් ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය සැකකරුව අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.