ඉඳුනිල් කහටපිටිය –
තෙල්දෙණිය රෝහලේ පස්වන මහලෙන් බිමට පැනීමෙන් බරපතල තුවාල ලද 18 හැවිරිදි තරුණයෙක් අද මියගොස් තිබේ.
මෙම තරුණයා මානසික රෝගී තත්ත්වයක් සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අද අළුයම පහට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ. අසාධ්‍ය තත්ත්වයෙන් තෙල්දෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
ඒ සම්බන්ධව තෙල්දෙණිය පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.