ඉදුනිල් කහටපිටිය –
මධ්‍යම පළාත් පාසල් ළමුන්ගෙන් හතර පහ වසර පන්ති වල දරුවන්ගේ සාක්ෂරතා මට්ටම සාධනීය තත්ත්වයක ඇත්තේ සියයට තුනක දරුවන් පිරිසකගේ පමණක් බවට අනාවරණය වී තිබේ.
ඊට ප්‍රබලම හේතුව covid-19 වසංගත සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුළු ධ්‍යාපනය ලබාදීමට නොහැකිවීම යැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පැවසීය
ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 සිට 11 වසර තෙක් දරුවන්ගේ ද කියැවීමේ සහ ලිවීමේ මට්ටම් මැන බලා ඔවුන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම පිණිස ද වැඩසටහන් ආරම්භ කර ඇතැයි ලේකම්වරයා කියා සිටියේ ය.
මධ්‍යම පළාත් දරුවන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර 4 සහ 5 වසර වල දරුවන්ට කියැවීම සහ ලිවීම ඉගැන්වීම සඳහා ඒ පාසල්වල 1 සහ 2 වසර වල ගුරුවරු යොදා ඇතැයි ද 6 සිට 11 වසර තෙක් සාක්ෂරතාවය අවම මට්ටමක ඇති දරුවන්ට අකුරු ඉගැන්වීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් යොදවා ඇතැයිද හෙතෙම කියා සිටියේය.