බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

by editor
සැප්තැම්බර් 26, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

රසිකා හේමමාලි –

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු  සම්බන්ධයෙන් මෙරට ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ පුරෝගාමී වැඩමුළුවක් 2023 සැප්තැම්බර් 13 සහ 14 දෙදින තුළ කටුනායකදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. මෙය ගුවන් කර්මාන්තය සම්බන්ධ වාර්තාකරණයේ නව පරිච්ඡේදයක ආරම්භයක් වූයේය.

මෙරට ගුවන් සේවයක් විසින් මෙවැනි වැඩමුළුවක් සංවිධානය කළ ප්‍රථම අවස්ථාව මෙය විය.   ගුවන් යානා මෙහෙයුම් කටයුතු, ඉංජිනේරු කටයුතු, ගුවන් ගමන් තුළදී ලබාදෙන සේවාවන්, ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවීමේ කටයුතු, ගුවන් සේවා කර්මාන්තයේ ආරක්ෂක විධිවිධාන සහ සිවිල් ගුවන් සේවා රෙගුලාසි වැනි මාතෘකා රාශියක් මෙහිදී ආවරණය විය.

මෙරට පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි හා ඩිජිටල් මාධ්‍ය නියෝජනය කරමින්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් මාධ්‍යකරණයෙහි යෙදෙන ජනමාධ්‍යවේදීහු 50 කට අධික පිරිසක් මෙම වැඩමුළුවට සහභාගී වූහ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා

කටුනායක පිහිටි ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හිදී මෙම වැඩමුළුව පවත්වන ලද අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය සහ පොදුවේ මෙරට ගුවන් සේවා කර්මාන්තය නියෝජනය කරන ප්‍රවීණයෝ  පිරිසක් මීට සම්පත් දායකත්වය ලබාදුන්හ. මෙහි සමාරම්භක උත්සවයට සහභාගී වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටාල්  , කලාපයේ ගුවන් සේවා කර්මාන්තයේ වර්තමානය හා අනාගතය සම්බන්ධයෙන් අදහස් පළකළේ ය.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා විසින් පළමු දිනයේ පිළිගැනීමේ කථාව සහ හැඳින්වීම සිදුකළ අතර, ඉන් අනතුරුව International Air Transport Association (IATA) හි සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු – ආසියානු පැසිෆික් කලාපය) කපිතාන් හොසේ ෆනෑන්ඩස් සහ ආයතනික සන්නිවේදන ප්‍රධානී ඇල්බර්ට් ටීජොන්ග්  විසින් ගුවන් සේවා කර්මාන්තය තුළ ක්‍රියාත්මක වන ආරක්ෂක විධිවිධාන පිළිබඳව අතථ්‍ය (Virtual) සැසියක් පවත්වන ලදි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

වැඩමුළුව අතර…

දවසේ ඉතිරි වැඩසටහන් මෙහෙයවන ලද්දේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම්පත් දායක දායිකාවන් විසිනි. එහිදී තාක්ෂණික ගුවන් නියමු කපිතාන් ජයස්ක බරණගේ විසින් ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳවද, උපදේශක ඉවැන්ජලින් ලැපන් විසින් ගුවන් යානා අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු පිළිබඳවද, ශ්‍රීලංකන් ඉංජිනියරින් හි පුහුණු හා ශක්‍යතා සංවර්ධන කළමනාකරු අමිල ප්‍රනාන්දු විසින් ඉංජිනේරු කටයුතු පිළිබඳවද, ගුවන් තොටුපළ සේවා කළමනාකරු (පුහුණු හා සංවර්ධන) තේරේකා තිලකවර්ධන විසින් ගුවන් තොටුපළ තුළ ගුවන් යානා හැසිරවීම පිළිබඳවද දැනුවත් කරන ලදි.

වැඩමුළුවේ දෙවැනි දිනය ආරම්භ වූයේ ගුවන් ගමන් සුරක්ෂිතතා කළමනාකරු කපිතාන් ශවන්ත පේද්‍රිස් සහ අර්බුද කළමනාකරණ කළමනාකාරිනී ප්‍රසාදිනී පෙරේරා විසින් සුරක්ෂිතතාව සහ අර්බුද කළමනාකරණය සම්බන්ධයෙන් පවත්වන ලද සැසියකිනි.

වැඩමුළුව අතර

ඉන් අනතුරුව කාර්ය මණ්ඩල දායකත්ව සහ මානව සම්පත් සහය සේවා කළමනාකරු නිරෝෂන් රණවක, අලෙවි හා ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ජයනි සේනානායක සහ ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාලිංග හිරණ්‍ය   අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධ විවිධ මාතෘකා යටතේ අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ගුවන් ප්‍රවාහන සහ ආරක්ෂක රෙගුලාසි) රේහාන් වන්නිඅප්පා සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ අලෙවි හා ආයතනික සන්නිවේදන ප්‍රධානී ආචාර්ය සුමිත් ද සිල්වා යන  විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව වැඩමුළුවේ දේශන අවසන් විය.

මෙම වැඩමුළුවේදී ගුවන් සමාගම් සහ ගුවන් සේවා කර්මාන්තයේ මූලිකාංග පිළිබඳව එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් වෙතින් වටිනා කරුණු රාශියක් දැනගැනීමට හැකි විය.

වැඩමුළුව අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් 747 ගුවන් යානා අංගණයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට   අවස්ථාව ලැබිණි. මේ සුවිශේෂී අත්දැකීම ජීවිතයට නව දැනුම් පරාසයක් එක් කළ බව ලියා තබමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව වසර මිලියන 250යි… පෘථිවිය විනාශයි… මුලින්ම වඳ වෙන්නේ ක්ෂීරපායීන්… නිව් යන්ටීස්ට් පුරෝකථනය කරයි!

Next Post

මධ්‍යම පළාතේ 4 සහ 5 වසරවල දරුවන් අතරින් හොඳින් ලිවීමට සහ කියැවීමට හැක්කේ සියයට 3කට පමණයි….

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.