රුපියල් 1650ක් වූ ආපන ශාලාවක බිලක් නොගෙවා පිටවී යෑමට උත්සාහ කළ ප්රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා ඇතුළු කණ්ඩායමක් හෝටල් සේවකයන් සමග ඇතිකරගත් ගැටුමක් පිළිබඳ පැමිණිල්ලක් පානදුර දකුණ පොලිසියට ලැබී තිබේ.
පානදුර ප්රදේශයේ ආපන ශාලාවකට ඊයේ (01) රාත්රියේ පැමිණ සිටි මෙම පිරිස ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ වචන හුවමාරුවක් ගැටුමක් දක්වා දුර දිග ගොස් ඇත්තේ ඔවුන් බිල නොගෙවා පිටවීමට උත්සාහ කිරීමේ දී ය.
මුලින්ම වචන හුවමාරුව සිදුවී ඇත්තේ සමන් ද සිල්වා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතරය. එම අවස්ථාවේදී බිල ගෙවීම ප්රතික්ෂේප කළ සමන් ද සිල්වා ආවේගශිලීව හැසිරී ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව ඇත.
එහිදි ඇති සමන් ද සිල්වා සමග පැමිණි කණ්ඩායම හෝටල් සේවකයින් සමග ඇති වූ ගැටුමේ දී ආපනශාලාවේ මුදල් අයකැමිවරයා සහ වේටර්වරයෙක් තුවාල ලබා ඇත. ආපන ශාලාවේ භාණ්ඩවලට හානි සිදුවී තිබේ. පානදුර දකුණ පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ තුවාල වූ මුදල් අයකැමි සහ වේටර් වරයා විසිනි.
පානදුර දකුණ පොලිසීයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
දෙරණ –