හැටන් රංජිත් රාජපක්ෂ –
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේදි මියගිය කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුධ හමුදා කෝප්‍රල්වරයෙක් හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුළද ජිවිතක්ෂයට පත් වු බව ලිඳුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ නුවරඑලිය ශ්‍රි ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් කේ.එන්.එස්.කේ හේරත් (36) නැමති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙකි.
කාන්තා මළ සිරුර රැගෙන ඒම සඳහා පොලිස් නිලධාරින්, යුධ හමුදා නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් රක්ෂිතය තුළට පිවිසෙන අවස්තාවේ යුධ හමුදා කෝප්‍රල්වරයා පසුපසින් ගමන් ගත් බවත්, පසුව ඊට පසු පසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු යුධ හමුදා නිලධාරියෙකු රක්ෂිතය තුළ වැටි සිටින බව කළ දැනුම් දිමක් මත යුධ හමුදා භට පිරිස් වහාම ක්‍රියාත්මක වි කෝප්‍රල්වරයා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් වාර්තා වේ.
ඒ වනවිටත් කෝප්‍රල්වරයා ජිවිතක්ෂයට පත් වී සිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කළේ යැයි පොලිස් ලිඳුල ස්ථානාධිපතිවරයා කියා සිටියේය.