මවුන්ට්මේරි කන්දේ ඇති වූ ගින්නක් වික්ටෝරියා වේල්ල ආසන්නයටම පැමිණ ඇත.
එය නිවා දැමීම සඳහා ඊයේ (02) පෙරවරුවේ සිට වේල්ලේ කාර්ය මණ්ඩලය ,හඟුරන්කෙත පොලීසිය හා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටීයහ.
ගින්න රාත්‍රී 10.00 පමණ වනවිට වේල්ලේ සිට මීටර් 500 ක් දක්වා දුරකට පැමිණ තිබිණි.
බටහිර බෑවුමේ ඇතිවූ ගින්න කඳු මුදුන දක්වා පැතිර ගොස් එහි වේල්ල දෙසට වන්නට පිහිටි කොටස දක්වා ගින්න ව්‍යාප්ත වූ බවත් වික්ටෝරියා වේල්ලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ජල බවුසර් උපයෝගි කර ගනිමින් ගින්න නිවා දැමීමට කටයුතු කරමින් සිටින බවත් වික්ටෝරියා වේල්ලේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය කීවේය.
ගින්නෙන් මේ වනවිට අක්කර 100 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව වාර්තා වේ.