සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවන් සිහි නැති කර රන් භාණ්ඩ කොල්ලකන කල්ලියක් අත් අඩංගුවට…

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන්  රංජිත් රාජපක්ෂ –

කාන්තාවන් සිහිනැති කර එම කාන්තාවන් පැළද සිටින ස්වර්ණාභරණ සොරාගන්නා සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (19) දින අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරීහු සමත් වූහ.

දිවයින පුරා සංවිධානාත්මකව රන් භාණ්ඩ කොල්ල කමින් සිටි, පොලිස් ස්ථාන ගණනාවකට අවශ්‍යවූ සැක කරුවන් පිරිස හැටන් පොලිස් අත් අඩංගුවට පත් වන්නේ මෙසේය.

අපරාධකරුවන් අපරාධ සඳහා භාවිතා කරමින් සිටියදී අත් අඩංගුවට ගත් ත්‍රී රෝද රථය…

ඉකුත් (12) දින හැටන් නගරයේ උත්සව ශාලාවක පැවති උත්සවයකට පැමිණි කාන්තාවක් එතැන සිටි තවත් කාන්තාවක් සමග මිතුදමක් ඇති කරගෙන තිබිණි.

දෙදෙනාම එම උත්සවයට පැමිණි අය ය.  දැන හැඳුනුම්කම් ඇති කරගත් කාන්තාව සිය අලුත් මිතුරිය උත්සව අවසානයේ දී තමන් පැමිණි ත්‍රී රෝද රථයෙන්ම ඇයගේ නිවසට ඇරලවන්නට ඉදිරිපත් වූවාය.

අනතුරුව ඇයව     තවත් තරුණයන් දෙදෙනෙකු සමග ත්‍රිරෝද රථයේ නන්වාගෙන යන්නට පිටත් වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ගමන් කරමින් සිටිය දී හැටන් දික්ඔය ප්‍රදේශයේදි එම කාන්තාව සිය අලුත් මිතුරියට  යම් රසායන ද්‍රව්‍යයක් දැමූ ජලය බිමට  ලබා දී සිහි නැති කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවෙක්…

අනතුරුව ඇයගේ  ගෙල බැඳි පවුම්  2 ½ ක් පමණ වූ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා රන් මාලය කොල්ලකා ඇයව   දික්ඔය සාංචිමලේ මාර්ගයේ පිහිටි බස් නැවතුම්පොලක අත්හැර කොල්ලකාර කාන්තාව  පලාගොස් තිබිණි.

එම මාර්ගයේ ගමන් ගත් පිරිසක් විසින් සිහිසුන් වි සිටි කාන්තාව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කෙරිනි.

කාන්තාවට සිහිය පැමිණිමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන්   හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ල අනුව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර  ත්‍රිරෝද  රථය ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

අනතුරුව සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරිනියක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි සොරකම් කරන ලද පවුම් 2 ½ රන් මාලය සහ රු 60000/= මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.   සැකකාරිනිය වටවල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

එම සැකකරුවන් අවු 27-45 වයස් කාණ්ඩ වල පසුවන මෙවැනි සොරකම් ගණනාවකට පොලිස් ස්ථාන කිහිපයකටම අවශ්‍යව සිටි පිරිසක් බව හැටන් පොලිසිය විසින් කරන ලද මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, මෙම සොරකමට සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන  කියා සිටියේ.

හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම සහ හැටන් මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන  ගේ උපදෙස් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උපොප රංජන්  ගේ අධික්ෂණය යටතේ පොකො වරුන් වන විතානගේ (31110) , යසරත්න (28658) , සෂිකුමාර් (8638) , ඉලේරාජ් (81798) , සුපුන් (100675) , ලෝගෙෂ්වරන් (10366) යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නිස්සංක විජේසිංහ  කළුතරදි ජාතික ජන බලවේගයේ වේදිකාවට නගි!

Next Post

කුරුන්දි අවුල අභියාචනාධිකරණයට… කුරුන්දි විහාරයේ හිමියන් අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරන්න සූදානම්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.