සුමිත් පොතුපිටිය –
-
අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට… යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයෙක් මින් පෙර මෙහෙම කතා කරන්න නැතිව ඇති… මේජර් ජනරාල් නිශ්ශංක විජේසිංහ කියයි
යුධහමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිස්සංක විජේසිංහ අද (20) කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය.
කළුතර මැතිවරණ කොට්ඨාසයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය විසින් කළුතර දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආසන හමුවේදී ඔහු මෙසේ වේදිකාවට එක්විය.
එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ මේජර් ජෙනරාල් නිස්සංක විජේසිංහ මෙසේ අදහස් දැක්වීය.
“අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට . ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුධහමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයෙක් මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මට රට ගැන ඇත්තේ කණගාටුවක්. මොකද දැන් මේ රටඅනාගතයක් නැති රටක් වෙලා. “
“ඒක දැක්කම මට තියෙන්නේ එකම කණගාටුවක්. අපි එදා යුද්ධය තිබ්බත් මරණය දැක් දැක යුද්ධය කලත් සතුටින් ඒක කළා. ඒක අපි ජීවිත පරිත්‍යාගයෙන් කළා. ඒත් යුද්ධයෙන් පස්සේ අපි බලාපොරොත්තු උනේ මේ වගේ රටක් නොවෙයි. අපි බලාපොරොත්තු උනේ සාධාරණ සමාජයක්. උසස් ආර්ථික තත්ත්වයක්, යහපත් විශ්‍රාමික ජීවිතයක්. අද ඒක උදාවෙලා නෑ “ යනුවෙන් පැවසීය .